Home » නාලන්දා නෘත්‍යාභිමානී අභිෂේක මංගල්‍යය 4 දා

නාලන්දා නෘත්‍යාභිමානී අභිෂේක මංගල්‍යය 4 දා

by mahesh
September 23, 2023 12:30 am 0 comment

කොළඹ නාලන්දා විද්‍යාලය මඟින් අටවන වරට පවත්වනු ලබන හිසවෙස් බැඳ කලඑළි මඩු බැසීමේ මංගල්‍යය ඔක්තෝම්බර් 04 වැනිදා පැවැත්වේ.

නාලන්දා විද්‍යාලයීය නර්තන අංශය මගින් සංවිධානය කෙරෙන කලඑළි මංගලය පාසලේ නර්තන අංශයෙහි ගුරු මවු පියවරු යටතේ ශිල්ප හැදෑරූ නාලන්දා සිසුන් තිස් හතර දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයෙහි දී හිස වෙස් පැළඳවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව කලඑළි රංගනය නාලන්දා විද්‍යාල පරිශ්‍රයෙහි සිදු කෙරේ.

සිංහල බෞද්ධ අනන්‍යතාව ඉස්මතු වීමේ ප්‍රමුඛ සංස්කෘතිකාංගයන් වන උඩරට නර්තන සම්ප්‍රදායෙහි හිස වෙස් පැලඳවීම වැනි මෙවැනි උත්සව සංවීධානය කිරීම තුළින් හෙළ කලා ශිල්ප අනාගත පරපුරට දායාද කිරීම, විද්‍යාලයේ නර්තන කණ්ඩායමේ උන්නතිය, දරුවන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම හා නර්තන අංශයේ ක්‍රියාකාරිත්වය පාසල් ප්‍රජාව වෙත ගෙන යෑම තුළින් නවක දරුවන්ට නර්තන අංශය හා සම්බන්ධ වීමට උත්තේජනයක් සැපයීම හා රසවින්දනයක් ඇති කිරීම අරමුණු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division