Home » Abans – Diva Power රෙදි සේදුම් පෙරළිය

Abans – Diva Power රෙදි සේදුම් පෙරළිය

by gayana
September 23, 2023 12:30 am 0 comment

Abans – Diva Power සහයෝගීතාවයෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකව ඇත. මේ අනුව Abans රෙදි සෝදන යන්ත්‍රයක් මිලට ගැනීමේ දී Diva Power සේදුම් කුඩු හෝ රෙදි සේදුම් දියර නොමිලේ හිමි වනු ඇත. Abans රෙදි සෝදන යන්ත්‍රයක් මිල දී ගන්නා සැමට නොමිලේ මෙම නිෂ්පාදන ලැබෙන අතර මාසිකව දිනුම් ඇදීමකින් තෝරාගන්නා ජයග්‍රාහකයින් දෙදෙනෙකුට වසරක් පුරා වටිනා Diva Power නිෂ්පාදන නොමිලේ හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් දෙකක් වන Abans සහ Hemas Consumer Brands වලට වෙ‍ෙළඳපොළේ ඉහළම පිළිගැනීමක් ඇති අතර පාරිභෝගික ජන ජීවිත ඉහළට ඔසවා තැබීම උදෙසා විවිධත්වයෙන් යුතු නිෂ්පාදන රැසක් ඔවුන් විසින් හඳුන්වා දී ඇත.

කාලය ඉතුරු කර ගනිමින් ගෙදර දොරේ රෙදි පහසුවෙන් සෝදා ගැනීම සඳහා රෙදි සෝදන යන්ත්‍රය අද කාලයේ නැතුවම බැරි නිෂ්පාදනයකි. වෙ‍ෙළඳපොළේ ඇති රෙදි සෝදන යන්ත්‍ර අතරින් Abans රෙදි සෝදන යන්ත්‍රය ශ්‍රී ලංකාවේ වෙ‍ෙළඳපොළ තුළ ඉදිරියෙන්ම සිටියි.

Abans – Diva Power සහයෝගීතාවය පාරිභෝගිකයින් වෙත නැවුම් අත්දැකීමක් ලබා දීමට සමත්වනු ඇති අතර Abans රෙදි සෝදනයේ ඇති නවීන තාක්‍ෂණයත් Diva Power සේදුම් කුඩු සහ දියරවල ඇති ඇඳුම් පිරිසිදු කිරීමේ විශිෂ්ට හැකියාවත් නිසා ඇඳුම්වලට සුපිරි සේදීමක් හිමිවනු ඇත. Abans රෙදි සෝදන යන්ත්‍රවල ඇති විදුලිය ඉතුරු කිරීම, දිගුකල් පැවැත්ම, භාවිත කිරීමට ඇති පහසුව, විශ්වසනීයබව සහ සුපිරි ක්‍රියාකාරීත්වය පාරිභෝගිකයින් ඉහළින්ම තෘප්තිමත් කිරීමට සමත් වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division