Home » දෙමවුපියන්ට ළදරුවන්ට හොඳම සේවා සපයන ‘Pippin’

දෙමවුපියන්ට ළදරුවන්ට හොඳම සේවා සපයන ‘Pippin’

by gayana
September 23, 2023 12:30 am 0 comment

සෙනෙහෙබර මවක් කියන්නේ, නිතැතින්ම ගෘහණියක්. දවසේ පැය 24 ද ප්‍රමාණවත් නොවන තරම් වැඩ කන්දරාවකට උරදෙන්නියක්. ඒ එවන්නියක් දරුවන්ට පමණක් නොවෙයි, ඒ නිවසටම මවක් වන නිසයි.

එවන් මවක් 2018 වර්ෂයේ සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉතා සුළුවෙන් ආරම්භ කර පවත්වාගෙන යන ලද මාතෘ හා ළදරු සත්කාරක වෙළෙඳසැලක්, පසුගියදා සුවිශේෂී කඩඉමකට ළඟා විණ. ඒ කොළඹ නයින්වෙල්ස් රෝහල් පරිශ්‍රයේ පිහිටුවන ලද සිය නව ප්‍රදර්ශනාගාරය විවෘත කරමින්ය. ඒ ව්‍යාපාරයේ හිමිකාරිනිය, නමින් දිනේෂිකා ය. දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක් වූ දිනේෂිකා මේ ව්‍යාපාරය අරඹන්නේ

‘Cute Toys and Cute Care’ නමින් ය. ඒ සඳහා ඇය පොලඹවන්නේ මවක් ලෙස වෙළඳපොළ තුළ උසස් තත්ත්වයේ ළදරු සහ මාතෘ සත්කාරක නිෂ්පාදන සොයාගැනීමේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් විසින් ය.

කෙසේ වුවත් තරුණ මවක් ලෙස දිනේෂිකා වෙත පැවරී තිබූ පැහැර හැරිය නොහැකි වගකීම් සමුදාය අතරතුර ව්‍යාපාරයේ කටයුතු ද පවත්වාගෙන යාමට සිදුවීම නිසා, ආරම්භය සැබවින්ම අභියෝගාත්මක විය. නමුත්, ඇයට අධිෂ්ඨානයක් තිබිණ. ඒ මවක ලෙස සිය වගකීම් ඉටුකරන අතර, සිය ව්‍යාපාරය ද කෙසේ හෝ සාර්ථකත්වය කරා රැගෙන යන බවටය. ඒ සමඟ ඇය සිය මාර්ගගත ව්‍යාපාරය පියවරකින් ඉදිරියට ගෙනයන්නේ, 2019 වර්ෂයේදී ඇය සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් කොළඹ නයින්වෙල්ස් රෝහල් පරිශ්‍රයේ ප්‍රදර්ශන රාක්කයක් ස්ථාපිත කරමින්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division