Home » SLIM SMEDA ජූරියේ විශේෂ සම්මානය රෙවෝ ඇඩ්වර්ටයිසින් දිනාගනී

SLIM SMEDA ජූරියේ විශේෂ සම්මානය රෙවෝ ඇඩ්වර්ටයිසින් දිනාගනී

by gayana
September 23, 2023 12:30 am 0 comment

අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo – Revolution Advertising (www.revo.lk) ආයතනය 2022 (SMEDA) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SMEDA) සම්මාන උලෙළේදී සේවා කාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උෙලළ පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo Advertising ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණ හා වෙළෙඳ ප්‍රචාරණ සේවා (ATL Advertising) ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව සිදු කරයි.

Ideas, Concept Development, Audio Video Production, Graphic Design, Logo Design, Social Media Marketing, Press Release, Content Marketing, Writing & Translations (Sinhala, Tamil, English & Arabic), Web Design App Development වැනි සේවා සපයන අතර ඒ සඳහා වසර ගණනාවක් ලෝකයේ කීර්තිමත් සන්නාම සමඟ කටයුතු කළ පළපුරුදු ප්‍රවීණ කාර්ය මණ්ඩලයක් Revo Advertising සතුය. “ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන තේමාවෙන් කටයුතු කරන අපි දැනටමත් බොහෝ ව්‍යාපාරවලට විප්ලවීය දියුණුවක් ඇති කර දී තිබෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division