Home » AIA හෙල්ත් පාස්පෝට් මෙරටදී -පිටරටදීත් සෞඛ්‍ය සේවාවක්

AIA හෙල්ත් පාස්පෝට් මෙරටදී -පිටරටදීත් සෞඛ්‍ය සේවාවක්

by gayana
September 23, 2023 12:30 am 0 comment

හෙල්ත් පාස්පෝට්, ජීවිත රක්ෂණයක් සමඟින් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් වන අතර මෙය ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛත්වයක් ගැනීමට මෙන්ම ප්‍රවණතාවයක් සැකසීමට සමත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි. සෞඛ්‍ය රැකවරණය සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙමඟින් සියලු ශ්‍රී ලාංකිකයින් හට ලොව පුරා හොඳම සෞඛ්‍ය සේවාවක් අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයක දී මෙම රක්ෂණ විසඳුම දියත් කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව පුරා විසිර සිටින වඩාත් ඉහළ කාර්යසාධනයක් සහිත AIA අලෙවි බළකා සාමාජිකයින් 400කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

AIA හෙල්ත් පාස්පෝට් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් මෙරට දී මෙන්ම පිටරටදීත් හොඳම සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය ලබා දෙන්නා වූ පරිපූර්ණ සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි. ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ රෝහල්ගත වීමේ ගාස්තු රුපියල් මිලියන 50ක් දක්වා ආවරණය කරන AIA හෙල්ත් පාස්පෝට් ඔස්සේ ඔබට මුදල් රහිත (cashless) හෝ මුදල් ප්‍රතිපූරණ (re-imburse) විකල්ප දෙකෙන් එකක් ඔස්සේ රෝහල්ගත වීමේ පහසුකම සලසා ඇත. මෙම ආවරණය ඔස්සේ සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ රාශියක් ඔබට ලබා ගැනීමේ හැකියාව ඇති අතර, මාතෘත්ව ආවරණය, පෙර සහ පසු රෝහල්ගත වීමේ වියදම් ආවරණය, එක්දින සැත්කම් 136ක් සඳහා වන ආවරණය, self-pay විකල්පය, ගිලන්රථ සේවා වියදම් ආවරණය, ඔබගේ මුළු පවුල සඳහාම වන ආවරණය, හිමිකම් නොපෑමේ වරප්‍රසාදය, පුනස්ථාපන ප්‍රතිලාභය, අවයව දායකයා වෙනුවෙන් ප්‍රතිලාභය, රෝහලට ඇතුළත් කිරීමේ ගාස්තු ආවරණය, කෘත්‍රිම අවයව සහ අවයව බද්ධ කිරීමේ ආවරණය, දන්ත ප්‍රතිකාර සඳහා වන ආවරණය, ආයුර්වේද ප්‍රතිකාර සඳහා වන ආවරණය සහ සුවතා ආවරණය ඉන් කිහිපයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division