Home » කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සයිකල් පියෝ ඉන්සෙන්ස් අත හිත

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සයිකල් පියෝ ඉන්සෙන්ස් අත හිත

by gayana
September 23, 2023 12:30 am 0 comment

මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ විවිධ සුවඳින් යුතුවූ හඳුන්කූරු සන්නාමයක් වන සයිකල් පියෝ ඉන්සෙන්ස් (Cycle Pure Incense ) අනුග්‍රහය දක්වා ඇත .

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් අත්පත් කරමින් එංගලන්ත සංචාරය නොබෝදා නිම කරන ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා අනුග්‍රහය දැක්වූ සයිකල් පියෝ ඉන්සෙන්ස් (Cycle Pure Incens) නිෂ්පාදනය කර අ‍ෙලවි කරනු ලබන්නේ සුවඳ ඉන්ඩස්ට්‍රිස් (Suwanda Industries) පුද්ගලික සමාගම විසිනි. ඉන්දියාවේ සයිකල් (Cycle) ආගරබතී සහ ඊස්වරන් බ්‍රදර්ස් (Eswaran Brothers) සමාගමේ හවුල් ව්‍යාපාරයක් වන සුවඳ ඉන්ඩස්ට්‍රිස් (Suwanda Industries) පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුරාධ ඒකනායක මෙම ජයග්‍රහණය පිළිබඳව පවසා සිටියේ ” ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ජයග්‍රහණයේ සුවඳ අත්පත් කර ගත් බවයි.

විලවුන් සහ සුවඳ වර්ග නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛතම සන්නාමයක් වන සයිකල් පියෝ ඉන්සෙන්ස් (Cycle Pure Incense ) ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ ආඩම්බර වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

You may also like

Leave a Comment