Home » පස් අවුරුදු ජාතික කිරි නිෂ්පාදන සැලැස්මක්

පස් අවුරුදු ජාතික කිරි නිෂ්පාදන සැලැස්මක්

by mahesh
September 16, 2023 12:35 am 0 comment

මේ වසරේ සිට වසර 2028 දක්වා ජාතික කිරි නිෂ්පාදන ප්‍රතිපත්තිය ලෙස පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ යටතේ කුඩා සහ මධ්‍ය පරිමාණ කිරි ගොවිපොළ කළමනාකරණයෙන් ඵලදායිතාව වර්ධනයට තෘණ සහ පෝෂ්‍ය ශාක වගා කිරීම සහ සංරක්ෂණය සඳහා ගොවීන් 1,670කට පහසුකම් සැපයීම සිදු කෙරේ.

එයට සහාය පිණිස තෘණ හා පෝෂ්‍ය ශාක සැකසුම් මධ්‍යස්ථාන 6 ක් අලුතින් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙහි දිගුකාලීන සැලසුම් ලෙස පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් අභිජනන ගොවි‍පොළ 09 ක් වැඩිදියුණු කිරීමට සහ පෞද්ගලික අභිජනන ගොවිපොළ වැඩිදියුණු කිරීමට ද අමාත්‍යංශය සැලසුම් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ගව ගහනය වසරකට 40,000 කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ආයෝජන මණ්ඩලය සමඟ ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය යටතේ උසස් තත්ත්වයේ කිරි දෙනුන් 12,000 ක් ක්ෂේත්‍රයට යෙදවීමටත් එමඟින් වාර්ෂිකව කිරි ලීටර් මිලියන 75 ක් නිෂ්පාදනයට සැලසුම් කර තිබේ. කොවිඩ් වසංගතය පැවතෙද්දී වුවද 2021 වසරේ පමණක් මෙරටට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 82,087 ක් ආනයනය කර ඇති නිසා විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමටද මේ හරහා විශාල පිටිවහලක් ලැබෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division