Home » සචිත්‍ර සේනානායක තවදුරටත් රිමාන්ඩ්

සචිත්‍ර සේනානායක තවදුරටත් රිමාන්ඩ්

by mahesh
September 16, 2023 12:37 am 0 comment

ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සචිත්‍ර සේනානායක ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉකුත් සිකුරාදා නියෝගය කරන ලදී.

පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ ඔහු පසුගිය 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. සචිත්‍රගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. සචිත්‍ර සේනානායක නීතිඥවරයකු මාර්ගයෙන් ක්‍රීඩා වැරදි කොට්ඨාසයේ පැවති විමර්ශනයකට සහභාගි වීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ. ඒ, තරග පවාදිම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට බලපෑම් කිරිම සහ යෝජනා කිරිම ඇතුළු චෝදනා මතය. 2020 වසරේදී පළමු වරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට වෙනත් පාර්ශ­්වයකගේ අවශ්‍යතාවට පෙලඹවීම හා බලපෑම් කිරිම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබේ.

බන්දුල ජයමාන්න

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division