Home » රජයේ මූල්‍ය නොවන වත්කම් ගැන කෝපා කමිටුවේ අවධානය

රජයේ මූල්‍ය නොවන වත්කම් ගැන කෝපා කමිටුවේ අවධානය

by mahesh
September 16, 2023 12:37 am 0 comment
තාරක වික්‍රමසේකර

රජයේ මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සම්බන්ධ ගැටලුව කෙරෙහි කෝපා කමිටුවේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳ සාකච්ඡා වූයේ රාජ්‍ය ආයතනයන්හි මූල්‍ය වත්කම් කළමනාකරණ ක්‍රියාවලියෙහි වර්තමාන තත්ත්වය හා ඒ සම්බන්ධව පවතින ගැටලු පරික්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය කාලය පුරාම රජයේ ආයතන කැඳවීමේදී උක්ත ගැටලුව නිරීක්ෂණය වූ බැවින් ඒ සඳහා පොදුවේ විසඳුමක් ලබාදීම සඳහා මෙම රැස්වීම කැඳවූ බවයි.

මෙහිදී විගණකාධිපතිවරයා රජයේ මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සම්බන්ධ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පවතින්නක් සහ විගණනය විසින් නිරන්තරයෙන් පෙන්වා දෙනු ලබන්නක් බවයි.

පසුගිය වසර අවසන් වන විට මේ වන තෙක් ලබා ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 27ක් වන අතර (ගෙවියයුතු ණය ගෙවීමෙන් අනතුරුව) මින් ව්‍යාපෘති සඳහා ගත් ණය ප්‍රමාණයේ ඉතිරිය රුපියල් ට්‍රිලියන 08ක් බව හෙළිව තිබේ.

එසේ වුවද රජයේ මූල්‍ය නොවන වත්කම් ලෙස ප්‍රකාශයේ එම වසර අවසන් වන විට පෙන්වා ඇත්තේ රුපියල් ට්‍රිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවද හෙළිව ඇත. ඊට අමතරව තවත් රුපියල් ට්‍රිලියන 22ක් ප්‍රාග්ධනයේම සෘන අගයක් ලෙස දක්නට ලැබෙන බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එසේම විගණකාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ මූල්‍ය නොවන වත්කම් ලෙස ප්‍රකාශයේ පෙන්වා ඇති රුපියල් ට්‍රිලියන 02ට වඩා වැඩි ප්‍රමාණයක් එහි අන්තර්ගත විය යුතු බවයි.

එසේම ව්‍යපෘති සඳහා ලබා ගෙන ඇති මුදල් යොදවා සිදුකරන ලද ව්‍යාපෘති රටතුළ පවතින බව සහ ඒවාද මේ ප්‍රමාණයට ඇතුළත් වියයුතු බවයි. මේ නිසා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමඟ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් 2023 වර්ෂයේ සිට රජයේ මූල්‍ය ප්‍රකාශන වල උක්ත ගැටලු නිරාකරණය කිරීම සඳහා ක්‍රියාකාරි කමිටුවක් පත්කිරීමට එහිදී එකඟතාවයට පැමිණි බවත් විගණකාධිපතිවරයා කමිටුවට පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division