Home » මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට ඉහළම සාහිත්‍ය සම්මානය

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට ඉහළම සාහිත්‍ය සම්මානය

by mahesh
September 16, 2023 12:30 am 0 comment

ජනසන්නිවේදන විෂයය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙයක් කරමින් වර්ෂ 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය ආරම්භ කිරීම උදෙසා මූලිකත්වය ගත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එම දෙපාර්තමේන්තුවේ දශක හතරකට අධික කාලයක් සේවයෙහි නිරත විය.

ආචාර්ය උපාධි ද්විත්වයක් ලබා ගනිමින් සිය දහස් ගණනක උපාධිධාරීන් බිහි කිරීමේ ලා සිය ශාස්ත්‍රීය දිවිය කැප කළ මහාචාර්ය මහේන්ද්‍ර සිය දිවිසැරිය පුරා දෙස් විදෙස් ශාස්ත්‍රීය සංග්‍රහ සඳහා ලියූ පර්යේෂණ ලිපි ප්‍රමාණය අපමණහ. ඔහුගේ ශාස්ත්‍ර ගවේෂණයේ ලා වඩාත් අග්‍රඵලය ලෙස ශබ්දාකර සම්පාදනයේ ලා කළ කාර්යබාරය හැඳින්වීම යුක්ති යුක්තය. සන්නිවේදන ශබ්දාකරය, සාහිත්‍ය කලා ශබ්දාකරය, ජන කියමන් පොත, නාට්‍ය හා රංග කලා ශබ්දාකරය හා විශ්ව ඥාන කෝෂය ඉන් ප්‍රධානය.

ශාස්ත්‍රීය හා සන්නිවේදන හා නිර්මාණකරණ ඉසව් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මානයෙන් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර 65 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්වයේදී පිදුම් ලැබූ අයුරුයි මේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට සම්මානය පිරිනමනු ලබන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසිනි. මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division