Home » ස්විඩන් කැම්පස් යන්න වීසා නැතුව ලංකාවේ සිසුන් 400ක් අතරමං

ස්විඩන් කැම්පස් යන්න වීසා නැතුව ලංකාවේ සිසුන් 400ක් අතරමං

by mahesh
September 16, 2023 12:25 am 0 comment

මෙවර ස්විඩන් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් සපුරා ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසුන් 400කට අධික පිරිසක් ස්විඩනයට ඇතුළුවීට වීසා ලබාදීම ප්‍රමාද වෙමින් පවතින බැවින් දැඩි ආර්ථික අර්බුදයකට මෙන් මානසික පීඩාවකට ද පත්වී ඇති බව ‘සිළුමිණ’ ට වාර්තා වේ. ලංකාවේ ස්විඩන් තානාපති කාර්යාලයක් නැති බැවින් ලාංකික ශිෂ්‍යයන්ගේ වීසා ලබා ගැනීමේ කටයුතු මෙහෙයවන්නේ නවදිල්ලියේ පිහිටි ස්විඩන් තානාපති කාර්යාලය හරහාය.

ලංකවේ සිසුන් 900 දෙනෙකු ස්විඩනයේ විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීමට අයදුම් කළ අතර එයින් තෝරාගෙ ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 400කට අධිකය. තෝරාගත් සිසු සිසුවියන් අදාළ ස්විඩන් විශ්වවිද්‍යාලවලට මිලියන 2 – 3 බැගින් ගාස්තු ගෙවා ඇත්තේ 2023 අප්‍රේල් මාසයේදීය.

මේ අතර මෙම ස්විඩන් විශ්වවිද්‍යාල ලබන සැප්තැම්බර් 28 වැනිදා තම පාඨමාලා ආරම්භ කරන අතර ලංකාවේ සිසු සිසුවියන්ට තවමත් ස්විඩන් සංක්‍රමණ ඒජන්සිය (Swedish Migration Agency) විසින් වීසා ලබාදීම අත්හිටුවා තිබීම නිසා මෙම සිසු සිසුවියන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව වාර්තා වේ. දැනටමත් ශ්‍රී ලාංකික සිසුන් 250කට අධික පිරිසක් ස්විඩනයේ අධ්‍යාපනය ලබන බව මේ අතර හෙළිදරව් වී ඇත.

මෙසේ ස්විඩන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්නට බොහෝ දෙනා මුදල් සොයාගෙන ඇත්තේ තම දේපළ උගසට තබා වන අතර ඇතැම් අය තම ව්‍යාපාර විකුණා දමා මෙන්ම මාපියන්ගේ අර්ථසාධක අරමුදල් මෙම ස්විඩන් විශ්වවිද්‍යාලවලට ගෙවීම නිසා මෙම ශිෂ්‍යයින් සහ මාපියන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ස්විඩන් විශ්වවිද්‍යාලයක වාර්ෂික පාඨමාලා ගාස්තුව මිලියන 3 – 4ත් පමණ වන අතර ස්විඩනයේ නවාතැන් ගාස්තු, ආහාරපානාදි කටයුතු සඳහා මිලියන 10ක මුදලක් ස්විඩන් සංක්‍රමණික ඒජන්සියට පෙන්වීමට ද මෙම සිසුන් විසින් පියවර ගෙන ඇත.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division