Home » දවසින් දවස ලස්සන වෙන්න අපූරු කෙම් ක්‍රමයක්

දවසින් දවස ලස්සන වෙන්න අපූරු කෙම් ක්‍රමයක්

අත්දුටු පුරාණ කෙම් ක්‍රම

by mahesh
September 16, 2023 12:40 am 0 comment

බාලගිරි දෝෂයට – සෙනසුරාදා දිනයේ කපුටන් හැඬීමට පෙර ඔලිඳ මුලක් වම් අතින් උදුරාගෙන කතා නොකර දරුවාගේ ඉණේ බඳිනු (බාලගිරි දෝෂය දුරු වේ)

* ගමන් බිමන් සාර්ථක වීමට – පහත සඳහන් මන්ත්‍රයෙන් තල තෙල්වලට 108 වර මතුරා හිසේ පිටුපස ආලේප කරගෙන යන්න. ගමන ඉතාම සුබ වේ. සාර්ථක වේ. මන්ත්‍රය : නමෝ ශ්‍රී පත්ථවඃ

* ඉපියන්ගෙන් කුඹුරට සිදුවන හානි නැතිවීමට – මැල්ල කොළ, කොහොඹ කොළ දෙවර්ගයම මිට මිට ගෙන වී බිස්සට, පෙට්ටියට දමන්න. ඉපියන් නැති වේ.

* ඕනෑම සර්ප විෂකට – කැන්ද කොළයකට වතුර ගෙන පහත සඳහන් මන්ත්‍රයෙන් 21 වරක් මතුරා මුහුණ සෝදන්න.

මන්ත්‍රය : ඕං ප්‍රෝං ප්‍රෝං ප්‍රෝං දෝං තක්ෂං

පට් පට්ට ඒස්වාහඃ

* සර්පයින් වත්තට, නිවසට නොඒමට නොපෑගුණ තැනකින් වැලි මිටක් ගෙන 21 වරක් මතුරා ඉසින්න. ගොවිපළට, වත්තට, නිවසට සර්පයෝ නොඑති.

මන්ත්‍රය – පුරකාලීපොඃ

* ඇඹරැල්ල ගසේ ගෙඩි පලදාව වැඩිවීමට – පුරපස දිනයක කතා නොකර මන්න පිහියකින් ගසේ මුල පැත්තට 9 වරක් කොටනු. පලදාව වැඩි වේ.

මන්ත්‍රය – ඕංසංසංක්‍රීං

* කොස් ගෙඩි වැඩිවීමට – දුරුතු දිනයේ කපුටන් හැඬීමට පෙර කොස් ගස වටා තුන් වරක් කරකැවී උතුරු දිසාව බලා මන්න පිහියට පහත සඳහන් මන්ත්‍රයෙන් 16 වරක් මතුරා ගසේ මුල පැත්තට 9 වතාවක් කොටනු. ගෙඩි වැඩිවේ. මන්ත්‍රය – ඕංසංසංසංසඃ

* දාරක සම්පත් අහිමි අයට දරු සම්පත් ලැබීමට – බැබිල මුල් – සුදු ලූනු බික් 4ක් – රතුලූනු බික් 7ක් – ගම්මිරිස් ඇට 3ක් පොල් කිරිවලින් උණුකර බ්‍රහස්පතින්දා දිනක රාත්‍රි කාලයේ දෙදෙනාම කතා නොකර පානය කළ යුතු වේ.

* මුහුණ පැහැපත්වී දිනෙන් දින ලස්සන වීමට – කතා නොකර වතුර බඳුනකට සුදු හඳුන් කෑල්ලක් ගලගා දමන්න. සවස් කාලයේ, රාත්‍රී නින්දට පෙර මුහුණ සෝදන්න. පිස නොදමා නිදන්න.දින 7ක් එක දිගටම කරන්න. මුහුණ පැහැපත් වී ලස්සන වේ.

. සුදු හඳුන් – රත් හඳුන් – නෙළුම් රේණු – කුංකුම – නාමල් රේණු – වදකහ – සුවඳ කොට්ටං – ජටාමාංශ – කර්කටක ශ්‍රීංඟි – අගිල් එකට අඹරා සිකුරාදා දිනක රාත්‍රී කාලයේ කතා නොකර මුහුණේ ආලේප කරන්න. පසුදින සබන් නොගා මුහුණ සෝදන්න. දින කීපයක් කරන්න. මුහුණ ලස්සන වේ.

* මැදි වයසේ කාන්තාවන්ගේ රුව වැඩීමට පැරණි කෙම් ඖෂධයක් – රත්මල් කැකුළු – නාමල් රේණු – නෙළුම් රේණු – අගිල් – සුවඳ කොට්ටං – කලාදුරු අල – සැවැන්දරා – දෙළුම් කොළ – වදකහ – එළඹිං තඹුරු මේවා එළකිරිවලින් අඹරා මුහුණේ සහ පපු පෙදෙසේ සිකුරාදා දිනක රාත්‍රී කාලයේ ආලේප කරන්න. කපුටන් හැඬීමට පෙර මුහුණ සෝදන්න. මුහුණ ලස්සන වේ.

* හැරගිය අය ගෙන්වා ගැනීමට – තමා හැරගිය අයගේ නම සිහි කරමින් බුලත් කොළයක පිටුපස දෙහි කටුවෙන් මෙම යන්ත්‍රය ඇඳ මන්ත්‍රයෙන් 21 වරක් මතුරාගෙන තමා නිදන කොට්ටය යට තබාගෙන නිදන්න. දින 3ක් මේ කෙම් ක්‍රමය කරන විට තමා හැර ගිය අය නැවත තමා වෙත එනු ඇත. දින 3ක් මෙම යන්ත්‍ර ඇඳ ඇති බුලත් කොළය කොට්ටය යට තබාගත යුතුය.

මන්ත්‍රය –

ඕං හ්‍රීං

ශ්‍රීං හ්‍රීං

ඕං

සඃ

. පාඩම් මතක හිටින්නට පැරණි කෙමක් –

මන්ත්‍රය – ඕං නාරායන ගුරුරාදී සරස්වතී දේවි

සිද්ධි නමෝ තුහ්‍යං වංශ මහා

දේවි නමෝ නමඃ ශ්‍රී මුඛ බන්ධ බන්ධ

නමෝ නමඃ

මෙම මන්ත්‍රයෙන් 108 වරක් පිරිසිදු පැන් බඳුනකට බ්‍රහස්පතින්දා අලුයම මතුරා බොන්න. ඉගෙනීම් කටයුතු සාර්ථක වනු ඇත. දින 7ක් එක දිගටම කළ යුතුය.

* ජයග්‍රාහී වේලාව

ඕනෑම දිනයක සවස 6.26 සිට 6.47 දක්වා කාලය තුළ

ඕං ජය ශ්‍රී ජය සිද්ධි

නමඃ

යන මන්ත්‍රය 21 වරක් කියා ඔබට අවශ්‍ය අය හමුවන්න. සියලු සුබ කටයුතු පමණක් සාර්ථක වේ. අශුභ කටයුතු වරදී.

* ආනාපානා කෙමක්

හුස්ම ගන්නා විට ඕං කියාද

හුස්ම පහළට හෙළන විට ඕං සඃ කියාද 16 වාරයක් කියා ඔබේ ගමන පිටත්ව යන්න වැඩ කටයුතු සාර්ථක වේ.

(මනා සිහියෙන් කළ යුතුය)

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ටී. හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division