Home » GFlock නවතම ශාඛාව නූගේගොඩ දෙල්කදට

GFlock නවතම ශාඛාව නූගේගොඩ දෙල්කදට

by mahesh
September 13, 2023 2:50 pm 0 comment

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ සන්නාමයක් වන GFlock හි මෙරට සිව්වන ශාඛාව සැප්තැම්බර් 15 වැනිදා නුගෝගොඩ දෙල්කද දී විවෘත කරන බව එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතා සඳහන් කරයි.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවීනතම විලාසිතා වලින් යුක්ත නිමි ඇදුම් අවශ්‍යතා සඳහා තරුණ තරුණියන්ගේ විශ්වාසය දිනු GFlock සන්නාමය 2013 වසරේදී ආරම්භ කරන ලදි. වර්තමානය වන විට දේශීය හා ජාත්‍යන්තරව ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බවට GFlock පත්ව තිබේ. විශේෂයෙන් විදේශ විනිමය ඉපැයීම සදහා නිර්මාණශීලි තරුණ තරුණියන්ගේ අද්දැකීම් උපයෝගීකොටගෙන ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන ව්‍යාපාර සන්නාමයකි.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද තවදුරටත් පූළුල් ව්‍යාපාර සන්නාමයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව, රට තුළ එහි ව්‍යාප්තිය පුළුල් කරමින් ආයතනික සහ සමාජ වගකීමද ඉටු කරමින් ක්‍රියාත්මක වේ.

GFlock කණ්ඩායම පරාර්ථකාමීත්වය, විනය, අධිෂ්ඨානය, උත්සහය හා අවංකභාවය පෙරදැරි කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරමින් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි. GFlock වෙළෙඳසැල් ජාලය නවීන මෝස්තර, සෞන්දර්යය සහ නවීනතම දෘශ්‍ය වෙළෙඳ තාක්ෂණයෙන් සමන්විතය. වඩා කැපී පෙනෙන වෙනසක් සහිතව නිර්මාණශීලි නිෂ්පාදන තෝරා ගැනීමට සහ මිලදී ගැනීමට ගෞරවණීය පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දී තිබේ. GFlock සන්නාමය යටතේ දැනටමත් කොල්ලුපිටිය, බත්තරමුල්ල, මීගමුව ශාඛාවන් සතියේ දින හතම විවෘතව තබා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division