Home » තැපැල් කාර්යාලවලින් රෑටත් දඩකොළ ගෙවන්න පහසුකම්

තැපැල් කාර්යාලවලින් රෑටත් දඩකොළ ගෙවන්න පහසුකම්

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ඩී. ඒ. රාජිත කේ. රණසිංහ සිළුමිණට පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤවීදිය, කොටහේන, ගල්කිස්ස, සීතාවකපුර, හැව්ලොක් ටවුන්, බත්තරමුල්ල, වැල්ලවත්ත, නුගේගොඩ, පානදුර, මොරටුව, බොරැල්ල සහ දෙහිවල ආදී තැපැල් කාර්යාල 13ක් සහ ගම්පහ, වේයන්ගොඩ, කොළඹ ගුවන්තොටුපළ, ජාඇල, මීරිගම, කැලණිය, රාගම, වත්තල රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, ඇල්ල, මහනුවර, නාවලපිටිය, පේරාදෙණිය, නාවලපිටිය, නුවරඑළිය, හැටන්, කුරුණෑගල, මහව, ගල්ගමුව, පොල්ගහවෙල, අනුරාධපුරය, පොලොන්නරුව, හිඟුරක්ගොඩ, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, වවුනියාව සහ කිළිනොච්චි යන තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේදී දඩ පත්‍රිකා ගෙවීම සිදු කළ හැකිය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division