Home » පක්ෂ මාරු කරන්නේ පටු වාසි වෙනුවෙන් 

පක්ෂ මාරු කරන්නේ පටු වාසි වෙනුවෙන් 

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

by Mahesh Lakehouse
April 6, 2024 12:34 am 0 comment

පෞද්ගලික වාසිය වෙනුවෙන් පක්ෂ මාරු කරන අයගේ අරමුණ කුමක්ද යන්න ජනතාව හොඳින් දන්නා බවත් ජාතික ජන බලවේගය වටා ජනතාව එක් වෙද්දී ජනතා විරෝධී දූෂිත බලවේග ඒකරාශී වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පෙන්වා දෙයි. එහෙත් ඒ කිසිවකින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව පෙන්වා දුන් බිමල් රත්නායක කීවේ කවුරුන් කෙසේ එක් වුවත් එයින් ජාතික ජන බලවේගයේ ගමන තවතවත් ශක්තිමත් වීමක් මිස අඩපණ වීමක් නොවන බවයි. ‘‘රටේ 69 ලක්ෂයක් ඡන්දය දීලා පත් කර ගත්ත පොහොට්ටු ආණ්ඩුව, ඉතාම අසාර්ථක පාලනයක් ගෙන ගියා, තමන්ගේ ධුර කාලය අවසන් වෙන්නත් කලින් රටේ ජනතාව එකතුවෙලා අරගල කරලා එළවල දැම්මට පස්සේ, ආයි ඒ පක්ෂෙ එක්ක ඉඳලා තමන්ට බලයට එන්න බැහැයි කියල හිතන කොටස් අද සජබ සමඟ එකතු වෙලා තියෙනවා. 2020 සිට අන්ත දූෂිත, වංචනික පාලනය සමඟ කටයුතු කළ, ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීන්දු තීරණවලට ඍජුවම දායකත්වය දීපු මේ අය අද ජනතාව ප්‍රතික්ෂේප කරල ඉවර බව සජිත් ප්‍රේමදාසට වැටහීමක් නැති බව ඒකෙන්ම පේනවා. “

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division