Home » ශ්‍රී ලංකා ඉන්දුනීසියා වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා ඉන්දුනීසියා වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සාර්ථකයි

by Mahesh Lakehouse
April 6, 2024 12:35 am 0 comment

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වරණීය වෙ‍ෙළඳ ගිවිසුම්ගත වීම සඳහා වන පළමු සාකච්ඡා වටය අප්‍රේල් 3 සහ 4 යන දිනවලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැව­ැත්වුණි. ඉන්දුනීසියාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ පස්වන විශාලතම ආර්ථිකය වේ.

ඉන්දුනීසියාව සමඟ වරණීය වෙ‍ෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකා රජය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ හදවත වන ඒසියාන් සමඟ වෙ‍ෙළඳ සබඳතා ගැඹුරු කිරීමට අපේක්ෂා කරයි.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර 2022 දී සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 383.59 ක්වූ සමස්ත වෙ‍ෙළඳාමෙන් ඉන්දුනීසියාව කෙරෙහි නැඹුරු වූ ධනාත්මක වෙ‍ෙළඳ ශේෂයක් පවතින අතර ඉන්දුනීසියාව මෙරටට සිදු කරන අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 334.69 ක් වන අතර ශ්‍රී ලංකාව එරටට සිදු කරන අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 48.9 ක්ද වේ.

ඉන්දුනීසියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන ප්‍රධාන භාණ්ඩ වන්නේ පොල්තෙල්, රබර්, අර්ධ නිමි යකඩ සහ අමු දුම්කොළ වේ. මෙම ගිවිසුම මඟින් අන්‍යෝන්‍ය ලෙස එකඟ වූ නිෂ්පාදන ලැයිස්තුවක් මත තීරුබදු අඩු කිරීම හෝ ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. තවද රේගු ක්‍රියා පටිපාටි සරල කිරීමට සහ තීරුබදු නොවන බාධක අඩු කිරීම සහ භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමට රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division