Home » මානසික යහපැවැත්මෙන් අපට 2 වැනි තැන

මානසික යහපැවැත්මෙන් අපට 2 වැනි තැන

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ජීවත් වන පුද්ගලයන් වෙසෙන රටවල් අතරින් දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම සමීක්ෂණයට අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ඩොමිනිකන් ජනරජයයි. පිළිවෙළින් ටැන්සානියාව, පැනමාව, මැලේසියාව සහ නයිජීරියාව 3,4,5,6 ස්ථාන ලබා ඇති අතර, මෙහි විශේෂත්වය වන්නේ පසුගිය කාලයේ උද්ධමනය ඉහළ ගිය රටවල් අතර ඉහළින්ම සිටි රටක් වූ වෙනිසියුලාව 7වන ස්ථානයට පත්ව තිබීමයි.

ලොව රටවල් 71ක පුද්ගලයන් ලක්ෂ 500,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කරන රටවල් දර්ශකයේ පහළ මට්ටමක සිටින බවයි. එසේම ලොව ධනවත් රටවල් මෙම ලැයිස්තුවේ ඉතා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ලෝකයේ අසතුටින් ජනතාව ජීවත්වන රටවල් අතරට එක්වීමේ ප්‍රවණතාවයක් ලැබී තිබීමය. මෙම සමීක්ෂණයෙන් අනාරණය වී ඇති පරිදි ලොව අසතුටින්ම ජීවත් වන පුද්ගලයන් සිටින රටවල් අතරට උස්බෙකිස්තානය, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, ටජිකිස්තානය සහ ඕස්ට්‍රේලියාව එක්ව තිබේ. මෙහිදී ජීවිතයේ සාමාන්‍ය ආතති සහ විපත් සමඟ කටයුතු කිරීමට සහ සමාජයට ඵලදායි ලෙස දායක වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව කෙරෙහිද අවධානය යොමු කර ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division