Home » මේ රටේ ආණ්ඩු වැඩ කළේ රජයේ වියදම් වැඩිවන විදියටයි

මේ රටේ ආණ්ඩු වැඩ කළේ රජයේ වියදම් වැඩිවන විදියටයි

by mahesh
September 23, 2023 12:40 am 0 comment

රටේ තියෙන ප්‍රශ්නය අය වැය අතර පරතරය පමණක් නොවන බව ද, මේ ආණ්ඩුවලින් රජයේ වියදම් වැඩි කර ගන්න විදිහට වැඩ කළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේ “නිෂ්පාදනය වැටිලා අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වැටිලා ඒ නිසා අපේ ආණ්ඩුවකදී අපේ ආදායම වැඩි කර ගන්න කටයුතු කරන්න අවශ්‍යයි. අසාධාරණ ලෙස බදු අය කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි. එසේ නොවුණ හොත් රටටත් ආදායමත් නැහැ. ආණ්ඩුවටත් ආදායම් නැහැ. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත්ව සකස් කළ යුතුයි. වංචා දූෂණ සහ නාස්තිය හොරකම නැවැත්විය යුතුයි. රජයේ දෙපොළ හොරකම නැවැත්විය යුතුයි. වංචා දුෂණ නැවැත්වුවාම රටේ උපදවන ජාතික ධනයෙන් විශාල කොටසක් ඉතුරු වෙනවා.

ඉන් අනතුරුව අනෙක් රටවල් සමඟ සාකච්ඡා කරමින් ණය ගෙවන්න වැඩපිළිවෙළක යන්න අපිට පුළුවන්. අය වැය පරතරය පියවා ගැනීම නිෂ්පාදනය වැඩි කිරීමට අපි බදු ප්‍රතිපත්තියකට යායුතුයි.“

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division