Home » නීපා ගැන ලංකාව සීරුවෙන්

නීපා ගැන ලංකාව සීරුවෙන්

by mahesh
September 23, 2023 12:45 am 0 comment

නීපා වයිරසය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සිළුමිණට පැවසීය. එසේ පවසන්නේ විද්‍යාත්මක පදනමක් මත හිඳිමින් බවත් රෝගයකින් ආරක්ෂා වීමට පිළිවෙත් කළ යුතු නමුත් අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරයි.

නීපා රෝගයේ මේ වනවිට ගෝලීය ස්වරූපය සම්බන්ධව පැහැදිලි කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ නීපා වයිරසය ලෝකයට අමුතු වයිරසයක් නොවන බවය.

2018ත් 2023ත් අතර ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ නීපා වයිරසයට ගොදුරු වූ රෝගීන් ගණන 06 ක් වන අතර මරණ 2ක් වාර්තා විය. වසර 1998 මැලේසියාවෙන් මුලින්ම මතු වූ නීපා වයිරසය පාලනය කළද විටින් විට 2001, 2018 කාලය තුළ සිංගප්පූරුව, බංග්ලාදේශය, බටහිර බෙංගලා ප්‍රදේශයෙන් රෝගීන් කීප දෙනෙක් වාර්තා විය.

ඒ සැම අවස්ථාවකම රෝගය පාලනය කරමින් ඒ අවට ප්‍රදේශ හෝ රටවලට ව්‍යාප්ත නොවිණි.

බන්දුල ජයමාන්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division