Home » ජනපතිවරණ සටනේ රනිල්ගේ මෙහෙයුම් රොනල්ඩ් පෙරේරාට

ජනපතිවරණ සටනේ රනිල්ගේ මෙහෙයුම් රොනල්ඩ් පෙරේරාට

by Mahesh Lakehouse
February 3, 2024 12:39 am 0 comment

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, පක්ෂයේ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන මහත්වරුන් පත් කර තිබේ. මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ද තීරණය කර ඇත. මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division