පොසොන් පුන් සඳ අහසේ දිලෙයි. දසතින් ඇසෙන්නේ බොදු ගී රාවයයි. සිත පහන් කරන බොදු ගී රාවය හෝමාගම ධර්ම රශ්මි කලාපය පුරා විහිදෙන්නේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ කරමිනි. වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු නිසා බෞද්ධයන්ට හිතේ හැටියට පොසොන් සමරන්නට අවකාශ විවර වූයේ නැත. සමහරු කෙසේ හෝ අනුරපුර යති. එහෙත් එය සැමට කළ හැක්කක් නොවේ. හෝමාගම පොසොන් ධර්ම රශ්මි කලාපය විවර වූයේ අගනුවර කෙන්ද්‍ර...