මිනිසුන් රෝගි වූ විට ප්‍රතිකාර කිරීමට රෝහල්ද මියගිය විට තැන්පත් කිරීමට සුසානභූමිද ඇත්තාක් මෙන් ගුවන්යානා අබල දුබල වූ විටද රැගෙන යෑමට ගුවන්යානා සුසානභූමියක් ඇති බව පැවසුව හොත් ඔබට එය විස්මය දනවන පුවතක් වනු බව නොඅනුමානය. එක්සත් ජනපදයේ නිරිතදිගට වන්නට පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ ෆියුසන් ඩේවිස් (Fuison Davis) මොන්තානා ගුවන් හමුදා කඳවුරද ලෝකයේ මේ වන විට පවතින විශාලතම ගුවන්යානා සුසානභූමිය ලෙස අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත. මේ ස්ථානය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ‘බෝන්යාඩ්’ (Boneyard) නැතිනම් ‘ග්‍රේව්යාඩ්’ (graveyard) යන නමිනි.
ඇරිසෝනාවේ මේ ගුවන්යානා සුසානභූමිය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ, 309 වැනි අභ්‍යවකාශ නඩත්තු හා පුනර්ජනන ඛණ්ඩය (AMARG) යන නමිනි. අභ්‍යවකාශ නඩත්තු හා නැවත පුනර්ජනනය කිරීමේ 309 වැනි ඛණ්ඩය ලොව විශාලතම ගුවන්යානා ගබඩා කිරීමේ මධ්‍යස්ථානය වන අතර, මෙහි එක්වර ගුවන්යානා 4,000ක් හා ගුවන් එංජින් 3,600ක් ගබඩා කිරීමේ පහසුව සලසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බෝන්යාඩ් ඇරිසෝනා කාන්තාර ප්‍රදේශයේ, අක්කර 2,600ක් පුරා විහිදී ඇත. මිලිටරි ගුවන්යානාවලට අවශ්‍ය පිළිසකර කිරීම් ඉතා විශාල වශයෙන් ප්‍රමුඛත්වය දීම මේ ස්ථානයේදී සිදු වන අතර, අනාගත භාවිතය උදෙසා ඒවා පිළියම් කිරීම්, 800ක පමණ සේවා මඬුල්ලක් දිවා රෑ නොබලා සේවයේ යොදවා ඇති බව වාර්තා වේ. ඇරිසෝනා කාන්තාර ප්‍රදේශය හා එහි වියළි දේශගුණික තත්ත්වය ගුවන්යානා දිගු කලක් බෝන්යාඩ්හි ගබඩා කර තැබීමේදී උද්ගත විය හැකි මල බැදීමක් ඉතා අවම කිරීමක් සිදු වන අතර, මල බැඳෙන්නේ නැති තරම්ය. ඒ පරිසරයේ ලවණ සාන්ද්‍රණය ශූන්‍ය වීමද මේ උදෙසා ඉතා සාධනීය බලපෑමක් එල්ල කර ඇත.
මේ දුර්ලභ ස්ථානය දැකගැනීමට සාමාන්‍ය ජනතාවට ඉඩ ප්‍රස්තාවක් නැති අතර, ඒ ගුවන සුසානභූමිය අතිවිශේෂ ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යෑම ඊට හේතුවයි.
ඇත්ත වශයෙන්ම බෝන්යාඩ් ගුවන්යානා සුසානභූමිය විශ්‍රාම ගන්වනු ලැබූ ගුවන්යානා ගබඩා කිරීමට පමණක් ඉදි කළ ස්ථානයක් නොවන අතර, යුද ගුවන්යානා හා සෙසු ගුවන්යානා ප්‍රතිසංස්කරණය කර නැවත සේවයේ යෙදවීමේ භූමිකාවද මැනවින් නිරූපණය කරන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉතා පැරණිතම B-52 ගුවන් මාදිලියේ සිට නවීනතම මාදිලියේ ප්‍රහාරක ගුවන්යානා හා ජෙට් යානාවන්ද UAV ද මේ ස්ථානයේ ගබඩා කර ඇත. ඩේවිඩ් මොන්තාන්හි ගුවන්යානා ගබඩා කිරීම ආරම්භ වූයේ, හමුදා ගුවන්යානා කඳවුරු 410 වැනි සේනාංකයේ මූලිකත්වයෙනි. ඒ 1945 වසරේදීය. 2 වන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඇරඹුණු මේ ගුවන් යානා සුසානභූමියේදී එවකට ප්‍රථමයෙන් ම බෝයිං B-29, සුපර්ෆෝට්රස් හා ඩව්ග්ලාස් C-47 ස්කයිට්‍රේන් ගුවන්යානා ගබඩා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇරිසෝනාහි ටක්සන්හි පවතින අවම තෙතමනය, කලාතුරකින් සිදු වන වර්ෂාපතනය හා ක්ෂාරීය පස මෙන්ම මුහුදු මට්ටමේ සිට අඩි 2,550ක් ඉහළින් පිහිටීමකින් හෙබි වියළි කාන්තාර පරිසරය මේ ගුවන් යානා ආදාහනාගාරයට කදිමට ගැළපිණි.
1949 දී ගුවන් හමුදා බළකායන් වෙනම සේවා කණ්ඩයක් ලෙස නිර්මාණය කිරීමෙන් පසු මේ අංගණය, 3040 වන ගුවන්යානා ගබඩා පරිශ්‍රය ලෙසද ඉන් පසුව නැවතත් 1956 දී 3040 වන ගුවන්යානා ගබඩා පරිශ්‍රයේ කටයුතු මඳක් ඇනහිටියේය. 1965දී එක්සත් ජනපද නාවික හමුදාව තමන්ගේම නාවික ගුවන් මධ්‍යස්ථාන ආදාහනාගාරයක් ලිච්ෆීල්ඩ්හි අරඹා ක්‍රියාත්මක කළ අතර, ඇරිසෝනාහි ගුඩ්ඉයර්වලදීය. 1965 පෙබරවාරිවලදී ගුවන්යානා 500ක් පමණ ලිච්ෆීල්ඩ් සිට ඩේවිස් මොන්තානාවලට රැගෙන ආ අතර, 1980 ගණන්වල පටන් මේ ඩේවිස් මොන්තානා සුසානභූමියේදී අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල සකස් කිරීමේ ක්‍රියාවලියක්ද අරඹනු ලැබ ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙතැන් පටන් මේ ස්ථානය (AMARC) ලෙස නැවතත් නම් කරනු ලැබූ අතර, අභ්‍යාවකාශ වත්කම් හා ක්‍රියාකාරකම් උදෙසා පුළුල් පරාසයකින් යුතුව කටයුතු කළ අතර 2 වැනි ලෝක යුද්ධයෙන් පසු ගුවන්යානා ගබඩා කිරීමේ අරමුණින් බිහි වූ මෙම බෝන්යාඩ් සුසානභූමිය අවසානයේදී ඉතා පුළුල් පරාසයක විහිදුණු ගුවන්යානා හා ගුවන් ක්‍රියාකාරකම්වලට තෝතැන්නක් විය.
2007 මැයි 1 දා පටන් AMARC ගුවන් හමුදාවේ 309 වැනි නඩත්තු අංශයට මාරු වූ අතර, මේ ගුවන්යානා සුසානභූමිය නැවතත් 309 වැනි අභ්‍යවකාශ නඩත්තු හා පුනර්ජනනය කිරීමේ ඛණ්ඩය බවට පත් විය.
මෑත කාලීනව ලෝකයේ විවිධ කලාපවල ගුවන් අනතුරු ඉතා සුලභ කරුණක් වූ අතර, නොබෝදා ඉන්දියාවේ අහමදාබාද් ගුවන් අනතුරද ලොව සලිත කළ එකක් විය. මේ පසුබිමෙහි ගුවන්යානා අනතුරු ඇතිවී මට හේතු පිළිබඳ ලෝකයා ඉතා විමසිල්ලෙන් පසුවද්දී ඇරිසෝනා ගුවන්යානා සුසානභූමියද ඔබට නවමු අත්දැකීමක් වනු ඇත.
ගබඩා කරන ලද ගුවන්යානා ඛාදනය වැළැක්වීමට එළිමහන් උෂ්ණත්වයට වඩා අංශක 10කින් අඩු සිසිල් උෂ්ණත්වයක ගබඩා කර ඇති අතර, දුබල වූ ගුවන්යානාවල කොටස් සෙසු ගුවන්යානා අලුත්වැඩියාවට යොදාගනු ලැබේ. 2020 කෝවිඩ් වසංගත කාලයේදී ඇරිසෝනා බෝන්යාඩ් සුසානභූමිය ගුවන්යානා රැසකට අවශ්‍ය ගබඩා කිරීමේ පහසුව සලසා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ බෝන්යාඩ් ගුවන් සුසානභූමියට පසුගිය අවුරුද්දේ ඩොලර් මිලියන 500ක ලාභයක් තිබී ඇති අතර, ඒ ගුවන්යානා කොටස් අලෙවියෙනි.