විවිධත්වයට කැමති ඇය ලස්සන, ක්‍රමානුකූල ෙඑතිහාසික රංගනයට ප්‍රියතාවයක් දක්වන සේම එහිලා තම කාර්යභාරය මැනවින් ඉටුකරයි. ප්‍රේක්ෂකයාට තම ඉතිහාසය ගැන වඩ වඩාත් සිතන්නට පොළඹවන තරම් රංගනයක නියැළීමට අතිදක්ෂ ඇය, තම භාෂාව පරිණාමය වී ඇති ආකාරය හා එහි ඉතිහාසය සොයා දැනගැනීමට ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට බලවත් උනන්දුවක් දක්වයි. බුප්ෆෙසන්නිවත් (ලව් ඩෙස්ටිනි) නම් නාට්‍යයේ ඇගේ භූමිකාව වූ තායි ඉතිහාසය සහ පැරණි විලාසිතාවේ කථාව පිළිබඳ බොහෝ දෙනාගේ සිත් තුළ ජාතික උනන්දුවක් ඇති කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්ත අගමැති සහ සංස්කෘතික අමාත්‍යවරයා ඇයව අගය කළ අතර දේශප්‍රේමය සහ තායි සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඈ රංගන දායකත්වය දුන් චිත්‍රපටයට අරමුදල් වෙන් කළේය.
තායිලන්තය පමණක් නොව මුළු ආසියාව පුරා ජනප්‍රිය ඇය ‘බෙලා රානි‘ නොහොත් ‘රානි කැම්පේන්‘ විධිමත් තායි භාෂා ඵෙතිහාසික නාට්‍යකරණයේ දිදුලන තරුවයි.
ඇය සිනමා දිවියේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ‘ලුක් ටාර්ඩ්‘ හි ප්‍රධාන චරිතයෙනි. එහිදී ඇය ජනප්‍රියම කාන්තා නිළිය හා කැපී පෙනෙන කාන්තා නිළිය ඇතුළු සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් වූවාය.
ඇය තම්මාසාට් විශ්වවිද්‍යාලයෙන් ගුවන්විදුලි සහ රූපවාහිනී දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍යවේදය සහ ජන සන්නිවේදනය පිළිබඳ උපාධියක් ලබා ගත් අතර එහිදී ඇය තම ශාස්ත්‍රපති උපාධිය ද සම්පූර්ණ කළාය. බෙලා ඉතා සෙමින් තම ඉලක්කයන් කරා යන ගැහැනියකි. එය මැනවින් පිළිබිඹු වන්නේ ඇය 2011 වර්ෂයේදී වෙළඳ දැන්වීම් නිරූපිකාවක් ලෙස තම වෘත්තීයමය රංගන ජීවිතය ආරම්භ කළ අතර ඊටත් වසර 10ට පසු නිළියක් වීමය. ඇගේ ‘කුන් චායි පුට්ටිපාට්‘ විකාශය වූ පසු, එය තායිලන්තයේ ගූගල් හි ප්‍රේක්ෂකයා වැඩිපුරම සෙවූ නාට්‍යය බවට පත් විය. ප්‍රයිම් ටයිම් නාට්‍ය ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංසන්දනයේ 4 වන ස්ථානයට ඈ පත්විය.
බෙලා විටෙක සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් වූවාය. ඒ 2014 වසරේ‘ප්ලර්න්ග් චිම්ප්ලි ‘ නාට්‍යයේය. එම රංගනය සඳහා ඇයට ඉතා ප්‍රබල විචාරක පැසසුම් සේම සම්මාන නාමයෝජනා ද ලැබිණි. එතැනින් පටන්ගත් ඇයගේ රංගන දිවිය තුළ බෙලා ඉතා දීර්ඝ නාට්‍ය සදහා විශාල ඉල්ලුමක් ඇති නිළිය බවට පත්වීය. ඒ සමඟම ඇගේ බහුකාර්යතාව දැඩි උණුසුම් පිළිගැනීමකට භාජනය විය. ඇය 2019 වසරේ පැවති ‘නටරාජ් සම්මාන‘ හිදී හොඳම නිළිය සඳහා වන සම්මානය දිනා ගත්තාය. ඒ තායි ආදර හාස්‍ය නාට්‍යයක් වන ‘ලව් ඩෙස්ටිනි‘ හි ඇගේ භූමිකාව වෙනුවෙනි. කොටස් 15න් සමන්විත මෙම කතාමාලාවේ ආදරය, විකට හා කාලචාරිකා අඩංගු වේ. එය තායිලන්තයේ පමණක් නොව ආසියාව පුරා ජනප්‍රියත්වයට පත් වූ අතර එය රූපගත කළ ස්ථානවල සංචාරකයින්ගේ පැමිණීම ද වැඩි විය. එහි විස්තීර්ණ තිර රචනය, ඇඳුම් පැළඳුම් හා රූපගත කළ ස්ථාන එය සාර්ථක වීමට ඝෘජුවම බලපෑ කරුණු කාරණා වේ.
තවත් වරෙක ඇය ‘වසරේ ෆැන්ටසි යුවළ‘ ලෙස අභිෂේක ලැබුවාය. එම වසරේම, ඇය ත්‍යාගලාභි ඓතිහාසික නාට්‍යයක් වන ලුක් ටාර්ඩ් හි සියුමැලි කාන්තාවක් ලෙස ඇගේ දෙවන චරිතය රඟපෑවාය.
2014 දී, බෙලා ‘නුයා නන්ග්‘ ලෙස චරිත නිරූපණයක් කළාය.
ඇගේ දක්ෂතා එක් ක්ෂේත්‍රයකට පමණක් කොටු වූවක් නොවේ. ඇය යම් යම් අවස්ථාවල නිරූපණ ක්ෂේත්‍රයේද රූපලාවණ්‍යය හා විලාසිතා අංශයේද දිළෙන තරුවකි. ඇය නිතිපතා නොසැලී ‘ජනප්‍රිය තායි නිළියන් 10 දෙනා‘ ලැයිස්තුවේ පෙනී සිටී.
බෙලා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඇයට හිමි වටිනාකම නිසා ‘වෙළඳ දැන්වීම් වල රැජින‘ යන අන්වර්ථ නාමය ලැබ සිටින්නීය.
අතිසාර්ථක චිත්‍රපටවල ඇයගේ ආකර්ෂණීය චරිත නිසා ඒවායේ සංස්කරණවල ඇය ‘ශ්‍රේණිගත කිරීමේ රැජින‘ ලෙසද හැඳින්වේ.
නිරූපිකාවක් ලෙස තම වෘත්තීය ජීවිතයට අත්පොත් තැබූ බෙලාට මුලින්ම ප්‍රධාන චරිතයකට ප්‍රවිෂ්ට වීමේ භාග්‍ය හිමිවන්නේ ‘ෆොන් ෆ්‍රොම් ඔන්ලාවෙන්ග්‘ චිත්‍රපටයෙහි. ඉන් ඇයට පළමු සම්මාන නාමයෝජනාද හිමි විය. කෙසේ වෙතත් ඇය ප්‍රේක්ෂකයා අතරට යන්නේත් ඔවුන්ගේ සිත් ඇදබැඳ ගන්නේත් 2018 වර්ෂයේදී ය. ඒ දැවැන්ත ජනප්‍රිය ලැකෝන් ‘ලව් ඩෙස්ටිනි‘ චිත්‍රපටයෙනි. වර්ෂ 2023 වන විට ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණ සිටියා ය. ඇය වටා මිලියන 10 ට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සමාජ මාධ්‍යජාලයේ සිටියා ය.
1989 දෙසැම්බර් 24 වැනිදා බැංකොක්හි උපත ලද බෙලා රානි කැම්පන් මේ වන විට තිස්හය වැනි වියේ පසුවන්නීය. පසුගිය වසරේ එනම් 2024 දී කොම්චඩ්ලුක් සම්මාන උළෙලේදී ‘සදාකාලික වටිනාකමේ රූපවාහිනී නළුවා‘ සම්මානය දිනා ගත්තාය. එය ඇය ලැබූ විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස දැක්වේ.
ශ්‍යාමා දේවිකා රණපති