මොකද ඔබ වැඩිය දකින්න නැත්තේ? ඇයි නිහඬ වෙලා ඉන්නේ? ආණ්ඩුවට වැඩ කරගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවද?
අපි නිහඬ වෙලා නැහැ. අපි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව දැනුවත් කරමින් පක්ෂය වෙනුවෙන් කටයුතු කරනවා. විපක්ෂයේ අපේ මූලස්ථානයට අපි රැස් වෙලා කටයුතු කරනවා. අපි ඉතාම ක්‍රියාකාරි ලෙස කටතු කරමින් ගම්වල ජනතාව දැනුම්වත් කරමින් යනවා. පළාත් පාලන ආයතනවල වැඩ කටයුතුවලට සම්බන්ධ වෙමින් පක්ෂ සමඟ සාකච්ඡාවලට සහභාගි වෙමින් ඉන්නවා. මේ වගේම මම ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස පක්ෂය ගොඩනැඟිමේ ක්‍රියාවලිය වෙනුවෙන් කටයුතු කරනවා.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සියලු විපක්ෂයේ පක්ෂ එකතු වෙලත් බැරි වුණා නේද?
ඇත්තටම කොළඹ නගර සභාවේ බහුතර බලය තිබුණේ පොදු විපක්ෂයට කියලා කවුරුත් දන්නවා. අපි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් හිටියේ. කොළඹ නගර සභාවට සිදු වුණ දේ බහුතරයක් අය දන්නවා. ඒ දේම වෙනත් පළාත් පාලන ආයතන කිහිපයකත් සිදු වුණා. ඇත්තටම ඉතා සූක්ෂ්ම විදිහට ආණ්ඩුවේ පළාත් පාලන ආයතනවල සභිකයින් යම් මුදල්වලට වෙන්නත් පුළුවන්, වරප්‍රසාදවලට වෙන්නත් පුළුවන් ආණ්ඩුවට ගියා. ඒ නිසා බහුතර බලය ලබාගන්න අපිට නොහැකි වුණා. ඒත් අපට සතුටුයි කියන්න: විපක්ෂයට පළාත් පාලන ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක බලය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. පොදු විපක්ෂයක් ලෙස අපි ඉදිරියේදි ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. ඒ මැතිවරණයේදී සමගි ජන බලවේගයට යම් බහුතර බලය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි දන්නවා අනිවාර්යෙන් ඉදිරියේදී පළාත් සභා මැතිවරණය ආණ්ඩුව පැවැත්වුව හොත් විපක්ෂය ජයග්‍රහණය කරනවා. මීට වඩා ආයතන ප්‍රමාණයක් අපි ලබා ගන්නවා.
විපක්ෂය හිතාගෙන හිටියේ ස්වාධීන කණ්ඩායම් සියලු දෙනා විපක්ෂයට එකතු වෙයි කියලා නේද?
ස්වාධීන කණ්ඩායම් විතරයක් නොවෙයි; විපක්ෂයේ දේශපාලන පක්ෂත් ස්වාධීන කණ්ඩායම් සියලු දෙනා එකතු වුණා. සුළු තැන් කිහිපයක පමණයි එසේ නොවුණේ. අපි කිවුවේ නැහැ ස්වාධීන කණ්ඩායම් හොරු කියලා. ආණ්ඩුව ස්වාධීන අයත් හොරු කියලා ඒ ස්වාධීන අයත් එක්කම එකතු වුණා.
කොළඹ නගර සභාවේ බහුතරය විපක්ෂයට තිබුණා නම් ඇයි ජයග්‍රහණය කරන්න බැරි වුණේ?
කොළඹ නගර සභාවේ බහුතරය තිබුණේ විපක්ෂයට. විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව ආණ්ඩුවේ වුවමනාවෙන්ම උත්සාහ කළේ රහස් ඡන්දයක් තියන්න. අපි උත්සාහ කළා රහස් ඡන්දයකට නොයා ඉන්න. ආණ්ඩුව නිතර විනිවිදභාවය ගැන කතා කළාට බලය වෙනුවෙන් ඒ අයට ඒ අයගේ මැතිවරණ කාලයේ කියපු දේවල් අමතක වෙලා. වරප්‍රසාදවලට මුදල් ගනුදෙනුවලට එකතු කර ගත්ත ඒ සභිකයන් හරහා ජයග්‍රහණය ලබා ගත්තා. සිදු වුණේ මොකක්ද කියලා අපි දැක්කා. ඡන්දය තියපු ආකාරය අපි දැක්කා. කෙසේ වෙතත් ආණ්ඩුවට ඇතැම් නිලධාරීන්ගේද පක්ෂග්‍රාහි වැඩ කටයුතු නිසයි එහෙම වුණේ.
එහෙම කිවුවට පැවති ආණ්ඩු ගැන සහ විපක්ෂය පිළිබඳව ජනතාවට දැඩි කලකිරීමක් තිබුණා නේද? සජබ සහ එජාප නැවත නැඟිටීමක් නැති බවයි ආණ්ඩුව පක්ෂයේ අය නම් කියන්නේ? එජාප පක්ෂය දෙකඩ වීමෙන් තිබුණ ඡන්ද ටිකත් අඩු වුණා කියලයි කියන්නේ?
නැහැ එහෙම කලකිරිලා නැහැ. අපිත් සමග එජාප හිටිය අති බහුතරයක් ඉන්නවා. එජාප සියයට අනූනවයක්ම සමගි ජන බලවේගයට එකතු වුණා. යම් ප්‍රමාණයක් ඇති එජාප නිහඬව ඉන්න අය. දක්ෂිණාංශික පෙරමුණ ශක්තිමත් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගය සමග එකට වැඩ කරන්න පුළුවන් දේශපාලන පක්ෂ කණ්ඩායම් සියල්ල අපි එකතු කර ගන්නවා. ඒ අතුරින් එජාප අය විශේෂයෙන් ම එකතු කර ගන්න සහ ඉදිරියට වැඩ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන මැතිවරණයට පෙර ඔබේ පක්ෂයේ නායකයා නම් කිවුවේ කිසිදු පක්ෂයක් එකතු කරගන්නේ නෑ කියලා. දැන් සියලු පක්ෂ එකතු කරගෙනත් පළාත් පාලන ආයතනවත් බහුතරය දිනාගන්න බැරි වුණා නේද? ඇයි මැතිවරණවලදි විතරක් එකතු වෙලා වැඩ කරන්නේ. දේශපාලනිකව පක්ෂයක් ලෙස එකතු වෙන්න බැරි අභ්‍යන්තර නායකත්වය පිළිබඳ ගැටලුවක්ද?
නෑ. එහෙම ගැටලු නෑ. පළාත් පාලන මැතිවරණයේදී අපට වුවමනාව තිබ්බේ තනිව ඡන්දයට ඉදිරිපත් වෙන්න. අලුත් පක්ෂයක් ලෙස පළාත් පාලන සභිකයන් නියෝජිතයන් පත් කර ගන්න අවස්ථාව අපිට හිමි වුණා. අපිට මේ පළාත් පාලන මැතිවරණයේ දී ඒ අභියෝගය යම් ප්‍රමාණයකට ඉටු කර ගන්න හැකි වුණා. ජාතික මැතිවරණයකට ඊළඟට මුහුණ දෙන අවස්ථාව වෙන විට අපි සන්නද්ධ වෙලා ඉන්නේ පක්ෂයක් ලෙස. එහිදී අපි පක්ෂ ලෙසත් එකතු වෙලා වැඩ කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පාර්ශ්වයන් සමග වැඩ කළා. ජාතික ජන බලවේගය අය තමයි; හැමෝම ගැනම විවේචනය කරලා අන්තිමට රහස් ඡන්දයකින් විදිහට මේ ජයග්‍රහණය කර ගත්තේ. දේශපාලන පක්ෂ සමග ගනුදෙනු කරන්නේ නෑ කිවුවා; හැම දේශපාලන පක්ෂයක් සමගත් ගනුදෙනු කරයි බලය වෙනුවෙන්.
ඔබ අනෙක් විපක්ෂයේ පක්ෂ සමගත් ජාජබ එකතු වුණා කියලා චෝදනා කරන්නේ කොහොමද?
ඒ ජාතික ජන බලවේගය අනෙක් පළාත්වල දේශපාලන පක්ෂත් සමඟ එකට වැඩ කළා. නුවරඑළිය ගත්තොත් තොණ්ඩමන්ගේ පක්ෂයත් සමඟ එකතු වෙලා බලය ගත්තා. ඒ අයගේ පක්ෂවල කණ්ඩායම් සමග එකතු වෙලා බලය පිහිටුවීමට වැඩ කළා. රිශාඩ් බදුර්දින්ගේ පක්ෂයත් සමඟ බලය ගත්තා. ගාල්ල නගර සභාව ගත්තොත් නගරාධිපති එකතු වෙලා පොහොට්ටුවෙන් නියෝජ්‍ය නගරාධිපති පත් කළා. ජාතික ජන බලවේගය එදා පොහොට්ටුව කොයි තරම් විවේචනය කළාද? අද එකතු වෙලා වැඩ කරනවා. මොනවද මේ වැඩ? මේ මැතිවරණයේදී ජාජබ බලය වෙනුවෙන් දේශපාලනිකව ඉතා පහළ අඩියට වැටෙන බව අපි දැක්කනේ. ඉතා කැත විදිහට රහස් ඡන්ද තියමින් ස්වාධීන මන්ත්‍රීවරුන් සමග ඩීල් දාගෙන ජයග්‍රහණය කළේ. තොණ්ඩමන් හොරෙක් කිවුවා අද තොණ්ඩමන් හොඳ වුණා. බදුර්දීන් එදා හොරෙක් කිව්වා දැන් ඒ අය හොඳයි.ඒ අයගේ පක්ෂත් සමග එකතුවෙලා බලය පිහිටුවා ගත්තා.
විපක්ෂයේ බලය අල්ලනවා කියපු තැන්වල අවසන් මොහොතේදී සමගි ජන බලවේගයට ඡන්දය නොදී රැවැට්ටුවා නේද?
නෑ. එහෙම දෙයක් වුණේ නෑ. රහස් ඡන්ද තියමින් ආණ්ඩු පක්ෂය කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් කටයුතු කළා. එහෙත් විපක්ෂයට සැලකිය යුතු ආයතන සංඛ්‍යාවක බලය ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ආණ්ඩුව ගත වූ කෙටිකාලයට ලක්ෂ 23ක් වැනි ප්‍රමාණයක් ඡන්දය අහිමි කරගෙන තියෙනවා. ආණ්ඩුව කෙරෙහි ඇති අප්‍රසාදය අපි දැක්කා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපට සාර්ථකව බලය ලබා ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. පළාත් පාලන ආයතන සියයක පමණ බලය අපිට ලැබිලා තියෙනවා. ඒ අතුරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් සජබට හිමි වෙලා තියෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති අප්‍රසාදය වඩාත් දැකගන්න පුළුවන්. ජනතාව දන්නවා ආණ්ඩුවට සැලසුම් ප්‍රතිපත්ති නැහැ කියලා; බොරුව විතරයි මේ ආණ්ඩුව සමාජ ගත කළේ කියලා.
විපක්ෂය ෆයිල්වලට මොකද වුණේ කියලා ඇහුවා නේද? දැන් ෆයිල් ටික එකින් එක එළියට එනවා නේද? ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියලා නේද විපක්ෂය කිවුවේ? දැන් මොකද ඒ ගැන කියන්නේ?
එහෙම නිතීය ක්‍රියාත්මක වනවා නම් මේ රටේ ජනතාවගේ මුදල් යම් අයථා විදිහට පරිහරණය කරපු අය නීතිය හමුවට ගේනවා නම් නිසි දඬුවම් දෙනවා නම් ඉතා හොඳයි. නිතීය ක්‍රියාත්මක වෙනවා නම් අපි විපක්ෂය ලෙස ඒ ගැන සතුටුයි. පසුගිය කාලසීමාවේ නඩු දාපු අයට; එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. දේශපාලන පළි ගැනීම් නිහඬව කරන අවස්ථාත් අපි දකිනවා; සද්භාවයෙන් ජනතාව ගැන හිතලා නීතිය ක්‍රීයාත්මක කරනවා නම් අපි කැමැතියි. කෙසේ වුවත් හොරු අල්ලනවා නම් අපි සතුටු වෙනවා. ඒ වගේම අපි යම් ප්‍රමාදයක් දකිනවා සමහර දේවල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම් ගැන. සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒම වැරදිකරුවන්ට දඬුවම් ලැබීමට නීතිය ක්‍රියාත්මක කිරීම හොඳයි ඒ නිසා අපි ඒ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කිරීම ගැනත්, තවමත් දඬුවම් නැති අය ගැන හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
එකතු වෙන්නේ නැහැ කියලා කිවුව පක්ෂ සමඟ මැතිවරණයට පසුව එකතු වුණා, විපක්ෂයට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ, කියලයි ආණ්ඩු පක්ෂය කියන්නේ…
අප ෙබා්හෝ විට යම් සැලසුමක් අනුව වැඩ කරන පක්ෂයක්. විපක්ෂයට ප්‍රතිපත්තියක් තියෙනවා. මැතිවරණයට පෙරම අප කිවුවා අපිට බොහෝ විට විපක්ෂයට බලයක් ලැබෙන තැන්වලදී අපි බලය පිහිටුවන්න එකතු වෙනවා කියලා.
ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරුන්ට සජබ නායකත්වය ගැන විශ්වාසයක් නැහැ වගේ නේද?
අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අපේ පක්ෂයෙන් සාමූහිකව වැඩ කරනවා. අපේ පක්ෂයේ නායකත්වය පමණක් නොවෙයි; සියලු දෙනාම කැප වෙලා වැඩ කරනවා. සජබ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඒ කණ්ඩායමට නායකත්වය දෙනවා. අනෙක් අයට එහෙම අර්බුදයක් නිර්මාණය කරන්න අවශ්‍ය ඇති. ඒත් අපේ පක්ෂය ඇතුළේ අපට එහෙම අර්බුදයක් නැහැ.
‘නාමල් රාජපක්ෂ මහත්තයා රජ කරවන්න අපට අවශ්‍යතාවක් නැහැ,’ කියලා. එක්තරා වේදිකාවකදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් කිවුවා… ඔබත් ඒ වේදිකාවේ හිටියා නේද? ඒ මොකක්ද ඒ කතාව?
ඒ එකතු වෙලා බලය පිහිටුවන එක ගැනයි කිවුවේ. මමත් ඒ වේදිකාවෙ හිටියා තමයි. සමහර අයට විවිධ මතවාද තියෙනවා. ඒ ගැන එතුමාගේ අදහසයි කිව්වේ. ඒකට මට මුකුත් කියන්න බෑ. ඒක එයාගේ මතය.
‘නාමල් රජ කරවන්න අපිට වුවනාවක් නෑ,’ කිවුවේ නාමල් රජ කරවන්න සජබ සමහර අය කැමැති ද?
ඒක එයාගේ මතය. එයා කිවුවේ නාමල් රාජපක්ෂ ගැනම පමණක් නොවෙයි; පොදුවේ ගත්තාම අපේ නායකතුමා හැර වෙන කෙනෙකු රජකරවන්න අවශ්‍ය නැහැ වගේ අදහසක්. එකට එකතු වෙලා වැඩ කරන්න වුවමනාවක් නැහැ වගේ අදහසකුත් තියෙනවා.