Home » ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ තීරණය නීතිවිරෝධියි

ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ තීරණය නීතිවිරෝධියි

ආලන්කුලමේ ඉඩම් ගොඩ කිරීමක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

by Mahesh Lakehouse
July 5, 2025 12:33 am 0 comment
තිසර සමල් - අනුරාධපුර

අනුරාධපුර ආලංකූලම ප්‍රදේශයේ හග්ගමුව කැලේ වගුරු සහිත කුඹුරු ඉඩමක අක්කර දහයක පමණ ප්‍රමාණයක ඉදිකෙරෙන ප්‍රධාන ගොඩනැඟිල්ලක් ඇතුළු හිතුමතේ ඉදිකරන විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම්, වගුරු බිම ගොඩකිරීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් මුනිවත රැකීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ. උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ පරිසරවේදී පී.බී. දිසානායක මහතා ප්‍රමුඛ පරිසරවේදීන් පිරිසක් මේ පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දීමට කටයුතු කර ඇත.

හිටපු මහ දිසාපති ජනක ජයසුන්දර, නාච්චයාදූව ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක ප්‍රාදේශීය මෙන්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ ද අනුමැතිය නොමැතිව ඉකුත් ආණ්ඩු සමයේ 2024 වසරේ මේ සඳහා ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබිණි. මේ වනතුරුත් වර්තමාන දිසාපතිවරයාගේත්, ප්‍රාදේශීය ලේකම්වරයාගේත් අනුමැතිය මෙයට ලැබී නොමැත.

You may also like

Leave a Comment