Home » අලුතින් පොදු විපක්ෂයක් සාකච්ඡාවලට දින දාගන්න සැලසුමක් හදයි

අලුතින් පොදු විපක්ෂයක් සාකච්ඡාවලට දින දාගන්න සැලසුමක් හදයි

by Mahesh Lakehouse
July 5, 2025 12:38 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

නව පොදු විපක්ෂයක් ආරම්භ කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ සැලසුම් කර ඇත. ආණ්ඩුවේ මර්දනකාරි වැඩපිළිවෙළට එරෙහිව සියලු දේශපාලන පක්ෂ එකතු කිරීමේ මූලික සාකච්ඡා වටයක් ජූලි මස දෙවැනි සතියේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අදාළ කරුණ තහවුරු කළේය.

එවැනි සාකච්ඡාවක් මේ මොහොතේ අත්‍යවශ්‍ය බවත්, ඊට අදාළ සැලසුම් සකස් කරන බවත් පැවසූ මහ ලේකම්වරයා, ආණ්ඩුවේ අත්තනෝමතික කටයුතු එක්ව විවේචනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

You may also like

Leave a Comment