Home » කතරගම අවසන් රන්දෝලි මහ පෙරහර 10දා

කතරගම අවසන් රන්දෝලි මහ පෙරහර 10දා

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි මහ පෙරහර 10 වෙනිදා රාත්‍රී පැවැත්වේ. පසු දින මැණික් ගඟේ ජීවමාලී තොටුපොළේ දිය කැපීමෙන් උත්සව කටයුතු නිමාවට පත්වේ.

කතරගම මහා දේවාලයෙන් ආරම්භ වන පෙරහර ගණපති දේවාලය සහ අෂ්ඨඵල බෝධිය වටා ගමන් කිරීමෙන් අනතුරුව ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටව වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට පැමිණ පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නැවත මහ වීදිය ඔස්සේ කතරගම මහා දේවාලයට ගෙවැදීමට නියමිතය. මෙවර ඇසල මංගල්‍යය උඩරට, පහතරට සහ සබරගමු සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් රාශියක් සහභාගී වන අතර අලි ඇතුන් විශාල පිරිසක් පෙරහරට එක්වේ.

You may also like

Leave a Comment