Home » ‘ළමා ආරක්ෂණය’ පස් අවුරුදු සැලැස්මට කැබිනට් අනුමැතිය

‘ළමා ආරක්ෂණය’ පස් අවුරුදු සැලැස්මට කැබිනට් අනුමැතිය

by Mahesh Lakehouse
July 5, 2025 12:29 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

මෙරට ළමා ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ‘සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්’ යන ප්‍රතිපත්තිමය බැඳියාවන්ට අනුගත වන පරිදි බහු ආංශික ප්‍රවේශයකින් සමන්විත ‘ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ළමා ආරක්ෂාව හා සම්බන්ධ විෂය ක්ෂේත්‍ර දහයක් ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම ‘ජාතික ළමා ආරක්ෂණ’ ප්‍රතිපත්තිය සඳහා වන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division