Home » සතියේ කලදවස

සතියේ කලදවස

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

මේෂ – දුර බැහැර ගමන්

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට ඉඩ තිබේ. තෙවන දිනයේ සිට රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ඇත. ඇවිදිලි වැඩිවේ. විදෙස් ගමන් හෝ දුර බැහැර ගමන් යෙදේ. උත්සාහයෙන් කටයුතු කර ජය ලැබිය හැකි සතියක් වේ. අපල අවම වීමට දෙමවුපියනට සලකන්න.

සුබ අංක – 6, 8, 1 / සුබ වර්ණය – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා.

වෘෂභ – රැකියා, ව්‍යාපාර දියුණුව

සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. නව ව්‍යාපාර ආරම්භයට සුබ සතියක් වන බැවින් උත්සාහයෙන් කටයුතු කරන්න. පාරිභෝගික ජනතාව කෙරෙහි වැඩි සැලකිල්ලක්

කරුණාවක් දක්වන්න. පුණ්‍ය කටයුතුවල නියැළීමට සතියේ අගදී හැකි වනු ඇත. ආර්ථිකය දරුවන්ගේ යහපත සැලසේ. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට පිහිට වන්න.

සුබ අංක – 5, 2, 1 / සුබ – වර්ණ – ක්‍රීම්, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – ආර්ථිකය ශක්තිමත්

සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහය නොපතයි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැක්කේ සතියේ මැද දිනවලයි. පාරිභෝගිකයන් රඳවා ගැනීමට උපක්‍රමශීලි වන්න. ආර්ථිකය ශක්තිමත්ය. පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය පෙන්වයි. සිත් රිදීම්, කලකිරීම් ඇතිවිය හැකි බැවින් සමාජ ඇසුරේදී වාද විවාදවලට නොයන්න. අපල අවම වීමට කුඩා දරුවනට රැකවරණය දෙන්න.

සුබ අංක – 3, 7, 5 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කටක – සමාජ සේවා කටයුතු

සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ කරුණු කාරණා පිළිබඳව සතුට මෙන්ම සිත් රිදීමක් ද ඇතිවිය හැකි බැවින් මධ්‍යස්ථව සිතන්න. ආර්ථිකය ශක්තිමත් මෙන්ම පොදු සමාජ සේවා සහ පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් ලබා දෙයි. යුග දිවිය සතුටින් වෙයි. අපල අවම වීමට වෙල් මාළුන්ට නැත්නම් නිවෙස්වල සිටින මාළුවන්ට ආහාර දෙන්න.

සුබ අංක – 6, 3, 2 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, සිකුරාදා

සිංහ – දරුවන්ගේ අරමුණු සපල වේ

සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර දියුණුව පිණිස වැඩ කටයුතු සලසා ගනී. දරුවන්ගේ සියලු යහපත් අරමුණු පල දරයි. මව සමඟ වැඩ කටයුතු කිරීමේදී සිත් රිදීමක් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. වැඩි වචන හුවමාරු නොකරන්න. පදිංචි ගෘහයේ යම්කිසි වෙනස් කිරීමක් සිදුවිය හැකියි. අපල අවම වීමට පංචශීලය රැකීමම උදවු වෙයි.

සුබ අංක – 4, 5, 9 / සුබ වර්ණය – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – ගෘහ දිවියේ සතුට

සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතාවලින් ස්වයං රැකියාවලින් උපරිම ලාභ ලබා ගැනීමට හැකි සතියකි. දූදරු මාපිය සහෝදර සබඳතා වර්ධනය වේ. පුණ්‍ය කටයුතු ආදියට සියලු දෙනා එක්ව සහභාගිත්වය පෙන්වයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවේ. අපල අවම වීමට දරුවනට දැනුම ලබා දෙන්න.

සුබ අංක – 2, 3, 1 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

තුලා – ගැටලුවලට විසඳුම්

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. මුල් දින දෙකේ ගනුදෙනු පිළිබඳව ප්‍රවේශම් වන්න. ගෙදරදොර දියුණුවට පදිංචි ස්ථානයේ පවතින ගැටලුවලට විසඳුම් ලැබෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සෙම් රෝග උත්සන්න විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර, ජලය දෙන්න.

සුබ අංක – 1, 4, 6 / සුබ වර්ණ – ක්‍රීම්, ළා නිල / සුබ දවස් – සිකුරාදා, බදාදා

වෘශ්චික – සුබ සතියක්

සඳු ගමන් ගන්නේ ලග්නය, 2, 3 යන භාවයන් මතිනි. සතිය ආරම්භයේ ඔබ සමාජීය ඇසුරේදී නිහතමානීකම මෙන්ම ඉවසීම ද හුරු කළ යුතුයි. අන් අය අතර සාමකාමී අයුරින් කල් ගෙවන්න. එවිට ගැටලු නොමැතිව සතිය ගෙවා දැමීමටත් ආදායම් උපදවා ගැනීමටත් හැකිවේ. අපල අවම වීමට සතිය තුළ රතු මල් පුදා කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 3, 5, 7 / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා / සුබ වර්ණය – රතු

ධනු – අතමිට මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 12, ලග්නය හා දෙවැන්න මතිනි.

ආරම්භය පාඩුවක්, දුර ගමනක්, නීතිමය ගැටලුවක් මතු වීමට ඉඩ ඇත. ඉන්පසු කාලය යහපත්ය. අතමිට මිල මුදල් ගැවසෙන කර්මාන්තවලින් ලාභ ඉපයීම් කළ හැකි සතියක් වේ. පොදු වැඩවලට සහයෝගය දෙයි. අපල අවම වීමට ධර්මය අසන්න.

සුබ අංක – 6, 1, 4 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බදාදා, ඉරිදා

මකර – දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා

සඳු ගමන් ගන්නේ 11, 12, ලග්නය යන භාවයන් මතිනි. ඥාති හිතවත් සියලු දෙනාගෙන් උපකාර ලැබෙයි. සහයෝගය ලැබෙයි. දූදරු මුනුපුරු ආදීන්ගේ අධ්‍යාපනික දක්ෂතා අසන්නට ලැබෙයි. අතමිට සරුවෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 3, 5, 7 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා

කුම්භ – බලාපොරොත්තු ඉටුවේ

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමට හැකි නමුදු පාරිභෝගික ජනතාව සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනුවලට යොමුවන්න. වචනය පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවන්ගේ

අධ්‍යාපනික දියුණුව ගෙන දෙයි. අපල අවම වීමට සෙනසුරාදා විහාරස්ථානයට යන්න.

සුබ අංක – 5, 6, 4 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – පුණ්‍ය සිතුවිලි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. මේ සතිය පුරාවට ඔබගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීමට පහසුය. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙන අතර රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සතුටුදායක වෙයි. අපල අවම වීමට බෝධියට පැන් කළ 3ක් දමන්න.

සුබ අංක – 3, 2, 9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

You may also like

Leave a Comment