Home » ඇපැක්ස් කැම්පස් නව මූලස්ථානය වැල්ලවත්තේ විවෘත කෙරේ

ඇපැක්ස් කැම්පස් නව මූලස්ථානය වැල්ලවත්තේ විවෘත කෙරේ

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

පසුගිය දා ඇපැක්ස් කැම්පස් නව මූලස්ථානය අංක 32, ආචාර්ය ඊ.ඒ. කුරේ මාවත, වැල්ලවත්ත, කොළඹ 06 යන ලිපිනයේ විවෘත වූයේ, ඇපැක්ස් කැම්පස් සභාපති, මීරාසයිබු ජෙස්ලින් රිෂාඩ් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවයට ආරාධිතයින් ලෙස ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍යයින්, මවුපියන්, ඇපැක්ස් ශාඛා කළමනාකාරවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. උත්සවය ආරම්භ වන්නේ සම්මාන පදක්කම් පැලඳවීමෙනි.

මෙම අවස්ථාවේදී නව ඉංග්‍රීසි භාෂා වැඩසටහනක් නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. එය ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය ඇපැක්ස් කැම්පස් විසින්, අධ්‍යාපන සමානත්වය ඇති කිරීමට ගන්නා පියවරක් ලෙස සැලකිය හැකිය.

You may also like

Leave a Comment