Imperial College of Business Studies හි 40 වැනි සංවත්සර සැමරුම් උලෙළ තවදුරටත් වර්ණවත් කරන අංගයක් ලෙසින් ‘BLAZE 2025’ ක්‍රීඩා උලෙළ පැවැත්වේ. Imperial College හා බැඳුණු, විශිෂ්ටත්වය හා එකමුතුකම මෙන්ම යොවුන් ශක්තිය විදහා දක්වමින් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සනිටුහන් වනු ඇත්තේ, “නැවුම්බව හා ප්‍රබලත්වය කැටි කරගත් අමතක නොවන ” ක්‍රීඩා අත්දැකීමක් ලෙසිනි.
Imperial College හි සිසුන්ගේ කැමැත්ත, දක්ෂතාවය, සහ නොපසුබට උත්සාහය සමරන ක්‍රීඩා උලෙළ වන ‘BLAZE’, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල 25 ක ක්‍රීඩාශීලි සිසුන්ගේ දක්ෂතා විදහා දක්වමින් ක්‍රිකට්, රග්බි, පැසිපන්දු, සහ පාපන්දු වැනි ජනප්‍රිය ක්‍රීඩා සමඟ දින පහක් පුරා, සති අන්ත තුනක් තිස්සේ පැවැත් වේ.