Home » Sriyani Dress Point වර්ණ රාත්‍රියේදී සේවක සේවිකාවන්ට උපහාර

Sriyani Dress Point වර්ණ රාත්‍රියේදී සේවක සේවිකාවන්ට උපහාර

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment

නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය, ආදරය හා ගෞරවය දිනාගෙන සිටින Sriyani Dress Point ආයතනය සිය සේවක සේවිකාවන් ඇගයීම සඳහා ” Sriyani Dress Point වර්ණ රාත්‍රිය – 2025″ පසුගියදා කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී, සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වර්ණ රාත්‍රියේ දී ඉහළ කාර්ය සාධන අලෙවිය, හොඳම කළමනාකරු, හොඳම ප්‍රදර්ශනාගාර කළමනාකරු, හොඳම පාරිභෝගික සේවා සහකාර, ඉහළ විකුණුම් ප්‍රවර්ධනය, නායකත්වය, හොඳම ගබඩා මෙහෙයුම් කළමනාකරු, හොඳම ශාඛාව ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමිණි. Sriyani Dress Point සන්නාමය පාරිභෝගිකයන් අතර ජනප්‍රිය කිරීමට වසර 20කට අධික කාලයක් කැපවී ක්‍රියා කළ සේවක සේවිකාවන් ඇගයීමද මෙහිදී සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division