දශක ගණනාවක් පුරා උසස් තත්ත්වයේ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛයා වන ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම සිමෙන්ති කර්මාන්තශාලාව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගියදා ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදි.
වසරකට සිමෙන්ති ටොන් මිලියනයක ධාරිතාවෙන් යුත් මෙම ස්වයංක්‍රීය, අධි තාක්ෂණික සිමෙන්ති කර්මාන්තශාලාව, සමාගමේ සමස්ත නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 4ක් දක්වා ඉහළ නංවන අතර, එමඟින් දේශීය වෙෙළඳපොළෙහි විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය ස්ථාවර කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවනු ඇත.