ලෝක ප්‍රකට MasterChef රියැලිටි වැඩසටහනේ ශ්‍රී ලාංකේය ප්‍රථම එළි දැක්ම, කොළඹ Cinnamon Grand හිදී දියත් කෙරිණි. Banijay Entertainment හි ගෝලීය බෙදාහැරීමේ අංශය වන Banijay Rights හි හිමිකාරිත්වය දරන මෙම රියැලිටි වැඩසටහන, මෙරට සූපවේදීන්ගේ දක්ෂතා ජාත්‍යන්තරයේ ප්‍රර්දර්ශනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙයි.
‘MasterChef Sri Lanka’ විනිශ්චය මණ්ඩලය ලෙස ලොව කීර්තිමත් සූපවේදියකු සහ අවන්හල් හිමියකු වන පීටර් කුරුවිට, ඕස්ට්‍රේලියානු MasterChef හි කැපී පෙනුණු තරඟකාරිනියක වූ සවින්ද්‍රි පෙරේරා, මෙරට ප්‍රවීණ සූපවේදියකු වන රොහාන් ප්‍රනාන්දුපුල්ලේ සහ පළපුරුදු සූප ශාස්ත්‍රවේදියකු වන කපිල ජයසිංහ කටයුතු කරයි.