ඉරෝමිගේ ‘පැතුම් ඉදිකඩ’ ජූලි 4 දා පාඨක දෝතට
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉරෝමි ආරියරත්නගේ ‘පැතුම් ඉදිකඩ’ කෙටි කාව්‍ය සංග්‍රහය ජූලි 4 දා සවස 3.00ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත වේ.
මහාරාෂ්ටයේ දහම් පහන් ටැඹ නළුවෙල ආනන්ද නාහිමි අපදාන ග්‍රන්ථය ජනගත වීම අද
ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බුදුදහම නඟාසිටුවීමට මහත් මෙහෙවරක් කරන නළුවෙල ආනන්ද හිමිගේ ශාසනික සේවාව අලළා රොඩ්නි විදානපතිරණ ලියූ ‘මහාරාෂ්ටයේ දහම් පහන් ටැඹ – නළුවෙල ආනන්ද නාහිමි’ කෘතිය එළිදැක්වීම හා අභිනන්දන උත්සවය අද (29) සවස 2.00ට නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමයේදී පැවැත්වේ.
නුවරඑළියේ සලකුණ
කර්තෘ – නුවරඑළියේ ෂෙල්ටන් ප්‍රේමරත්න කර්තෘ ප්‍රකාශනයකි.
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරන්නකුට භාවිත කළ හැකි අත්පොතක් වශයෙන් මේ කෘතිය දැක්විය හැකිය. මන්දාරම්නුවර, ගරුඬගල ආදි ස්ථාන රැසක් ගැන දැන ගැනීමට පාඨකයා තුළ වූ තොරතුරු පිපාසයට විසඳුමක් ලෙස හැඳින්විය හැකි ‘නුවරඑළියේ සලකුණ’ කෘතියට ඒ ඒ අදාළ ස්ථානවල රූපසටහන් එක් කර තිබීම පොතේ අගය ඉහළ නංවයි.
රසදෝත
සංස්කරණය – ඇන්ටන් සමන්ප්‍රිය
මීඩියා විෂන් ප්‍රකාශනයකි.
මෙවර නිකුත් වී ඇත්තේ ‘රසදෝත’ කලා සඟරාවේ හතරවැනි කලාපයයි. සිනමාවට පෙම්බඳින සිනමාලෝලීන් වෙනුවෙන්ම වෙන්වූ කලා සඟරාවක් ලෙස ‘රසදෝත’ දැක්විය හැකිය. මෙවර කලාපය සිංහල සිනමාවේ අසහාය නළු ගාමිණි ෆොන්සේකාගේ සැමරුම් ලිපිවලට වැඩි ඉඩක් වෙන් කර ඇත.
අතීත මිහිරියාවක සටහන්
කර්තෘ – කොත්මලේ සිරිසේන
සූරිය ප්‍රකාශනයකි.
දිගු කලක් තිස්සේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන කොත්මලේ සිරිසේන විසින් මාධ්‍ය ජීවිතයේ තමා ලැබූ අත්දැකීම් ‘අතීත මිහිරියාවක සටහන්’ කෘතිය මඟින් පාඨක දෝතට පිරිනමා ඇත. අද මෙන් තාක්ෂණය දියුණු නැති යුගයක පත්‍ර කලාවට පිවිසි කොත්මලේ සිරිසේන තමා සේවය කළ පත්තර කන්තෝරු ඇසුරේ ලද අත්දැකීම් හරි අපූරුවට ගළපා මේ කෘතියට එක් කර ඇත.