Home » සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

by chanaka
June 29, 2025 4:50 pm 0 comment

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුවෙකු මියයාම පිළිබඳව කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව ඉදිරි සතියේ භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම කමිටුව සඳහන් කළේ, පරික්ෂණ අවසන් අදියරේ පවතින බවයි.

තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද එම කමිටුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සතියේ එම වාර්තාව සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාට භාරදීමට නියමිතව ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ චරිත් ඩිල්ශාන් නම් සිසුවෙකු පසුගිය අප්‍රේල් 26 වැනිදා සිය දිවි නසාගෙන මියගියේ නවකවද සිදුවීමක් මුල් කර ගනිමිනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔවුන් මේ වන විට බන්ධනාගාර ගතව සිටියි.

You may also like

Leave a Comment