අමෙරිකානු රාජ්‍ය ලේකම්, මාකෝ රූබීඕ මැදපෙරදිග ගැටුම හමුවේ චීනයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ලෝකයේ වැදගත්ම නාවික මාර්ගයන්ගෙන් එකක් වූ හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරාන පාර්ලිමේන්තුව සැලසුම් කර ඇති බවත්, ඒ තත්ත්වයට යා නොදීමට අවශ්‍ය පියවර ගැනීමට බෙයිජිං කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් යැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ අවසන් තීරණය රඳා පවතින්නේ, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය මතයි. චීනය, ඉරාන තෙල් මිල දී ගන්නා ලෝකයේ විශාලතම ගැනුම්කරු වන අතර, මේ වෙළෙඳ ගනුදෙනුවලට මැදි වූ ටෙහෙරානය හා බෙයිජිං අතර ඉතා කිට්ටු සමීප සබඳතාවක් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.
සමස්ත ලෝක ප්‍රජාවම, ජූනි 22 දා එක්සත් ජනපදය ලෝකයේ භයානකම හා ප්‍රබලතම ගුවන් බෝම්බ ප්‍රහාරයක් ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර තුනක් විනාශ වන ආකාරයට එල්ල කිරීම හමුවේ, ඉරානය මේ උදෙසා පෙරළා කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වයි ද යන්න ඉතා භීතියෙන් මෙන්ම කුකුසෙන් බලා සිටින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. 1979 දී ඉරානයේ සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව, ඊශ්‍රායලයේ සහාය ද අතැතිව බටහිර වෙතින් යුදමය ප්‍රහාරයක ඉරානයට එල්ල වූ අවස්ථාවක් ලෙස ජූනි 22 දා අමරිකානු ප්‍රහාරය අන්තර්ජාතික මාධ්‍ය අර්ථ දක්වා තිබිණි.
එක්සත් ජනපද ජනපතිගේ ඉරාන ප්‍රහාරයට විරුද්ධව අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම විරෝධතා මේ වන විටත් ගොඩ නැඟී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉරානය, එක්සත් ජනපද බී2 ප්‍රහාරය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, මෙය අමෙරිකාවට සදාකාලික ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවයි.
ඉරාන ප්‍රතිචාරය
මේ වන විට එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට සිදු විය යුතු වෙනස දේශපාලනමය වෙනසක් ලෙස අර්ථ දැක්වීම සුදුසු නොවන බවත් එයට වඩාත්ම සුදුසු වන්නේ ඉරානය තුළ පාලන තන්ත්‍රීය වෙනසක් (Regime Change) ලෙස එය විස්තර කළහොත් පමණකැයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. ටෙහෙරානය මේ වන විටත් එක්සත් ජනපදයට තෙල් අපනයනය සම්බන්ධව හෝ අමෙරිකානු ජාතික අභිලාෂයන්ට බාධාවන හෝ කිසිදු පියවරක් ගෙන නොමැති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
ලෝකයේ 5 වන තෙල් පරිභෝජන ප්‍රවාහයන් ගල්ෆ් කලාපයේ හෝමස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින්, පර්සියන් ගල්ෆ් කලාපයෙන් පිටතට තෙල් ප්‍රවාහනය වන හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝක තෙල් වෙළෙදාමේ කේන්ද්‍රීය මෙන්ම තීරණාත්මක සාධකයක් වන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. ඉරාන පාර්ලිමේන්තුව තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන තෙල් ප්‍රවාහනය අක්‍රිය කිරීමට ඉදිරියේ දී පියවර ගැනීමක් සිදු වුවහොත් එය එක්සත් ජනපදය ප්‍රමුඛ ශාන්තිකර කලාපීය රාජ්‍යයන්ට මහත් වූ අර්බුදයක් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරාන හමුදා නිලධාරීන් හා පාර්ලිමේන්තු සාමාජිකයින් ඉරාන න්‍යෂ්ටික බලාගාර අරභයා එක්සත් ජනපදය කළ දරුණු විනාශයට ඔවුන් වන්දි ගෙවීමට සූදානම් විය යුතු බව තරයේ ප්‍රකාශ කරමින් විරෝධතා පළ කර ඇති බව විස්තර වී ඇත. ඒ අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ඊශ්‍රායලය හා ඇ. එ. ජනපදය හදිසි රැස්වීමක් කැඳවා ඇති බව ද පැවසේ.
නමුත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනි මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, 11 වන දිනටත් දිග්ගැස්සුණු ඉරාන-ඊශ්‍රායල යුද්ධය සාමකාමී මාවතකට රැගෙන යාමට තිබූ ඉඩකඩ ද අමෙරිකන් බී 2 බෝම්බ ප්‍රහාරයෙන් වළකාලූ බව ගෝලීය රාජ්‍යතාන්ත්‍රික අදහසයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හා චීනය
චීනය, ඉරාන – ඊශ්‍රායල යුද්ධය තුළ අෙමරිකන් මැදිහත්වීමෙන් උද්ගත වූ මහා විනාශයේ ආර්ථික කඩාවැටීමේ බලපෑම විස්තර කරමින් පවසු ලබන්නේ, ගෝලීය ආර්ථිකය මත හෝමුස් සමුද්‍ර සන්ධිය පදනම් කර ගෙන උද්ගත විය හැකි ආර්ථික කඩාවැටීම නැවතීම උදෙසා ඉතා ප්‍රබල ජාත්‍යන්තර වෑයමක් ඉරාන-ඊශ්‍රායල යුද්ධය තව දුරටත් ඉදිරියට ඇදී යාම වැළැක්වීම උදෙසා ගත යුතු බවයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනු ලබන්නේ, පර්සියන් ගල්ෆ් කලාපය අවට මුහුදු මාර්ගයන් හා ප්‍රවාහයන් ගෝලීය භාණ්ඩ හා බලශක්ති ප්‍රවාහනයේ ඉතා වැදගත් තීරණාත්මක සාධකයක් බවයි.
ඉරාන-ඊශ්‍රායලට ට්‍රම්ප්ගේ සටන් විරාමය
ජූනි 24 වෙනිදා ඉතාම අනපේක්ෂිත ආකාරයට එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්, ඉරානය විසින් කටාර් රාජ්‍යයේ ගුවන් පථයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර පැය කිහිපයකට පසු මෙම සටන් විරාමය යෝජනාව ගෙන ආ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊශ්‍රායලය වෙතින් මෙම සටන් විරාමය සම්බන්ධයෙන් කඩිනම් තහවුරු කිරීමක් නොපෙන්වා ඇති අතර, සටන් විරාමය යෝජනා වී ගත වූ පළමු පැයේදීම ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය හා ඉරානය යන දෙරටම සටන්විරාමය උල්ලංඝනය කර ඇති බවයි යන්න අනපේක්ෂිත මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, කාට්ස් ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය හා කටාර් රාජ්‍යය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන සටන් විරාමයේ කොන්දේසි ටෙහෙරානය කඩකරයි නම්, ඊට එරෙහිව උපරිම අයුරින් මෙහෙයුම් දියත් කිරීමට තමා අණ දී ඇති බවයි යන්න අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි. චීනය, ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර එක්සත් ජනපදය එල්ල කළ බී2 බෝම්බ ප්‍රහාරය හෙළා දැකින අතර, යෝජිත සටන් විරාමය ඉදිරියට ගෙන යෑමට, ඉරාන ඉස්ලාමීය රාජ්‍යයට අවශ්‍ය සියලු සහාය පළ කරන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා වූ වෑන්ග් ප්‍රකාශ කර ඇත්තේ, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය යටතේ පවතින ඉරාන න්‍යෂ්ටික බලාගාර අළලා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරයන් ඉතාම පැහැදිලිව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා අන්තර්ජාතික නීතිය තදබල ලෙස උල්ලංඝනය වීමක් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සියලු තත්ත්ව මැද නිර්මිත යථාර්ථය වන්නේ මැදපෙරදිග බල තුලනය, උපායමාර්ගිකව මෙන්ම ස්වකීය ජාතික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම උදෙසා ලෝකයේ බලවත් රාජ්‍යයන් වෙත ඉතාම තීරණාත්මක සාධයක් වන අතර ඉරාන-ඊශ්‍රායල ගැටුම මේ වනතුරුත් සාම මාවතට අවතීර්ණ වී නැති බවයි.