මේෂ – ව්‍යාපාර අංශවල දියුණුව
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනය විවාහ රැකියා යනාදියට සහනදායි විසඳුම් ලැබිය හැකි සතියකි. ව්‍යාපාර අංශවල දියුණුවක් දක්නට ලැබෙයි. පොදු සාමාජයීය කටයුතු පුණ්‍ය කටයුතු ආදියේ නියැළේ. ආමාශගත අසනීපවලට ඉඩ ඇත. සතුරු කරදර ඉවත් වේ. අපල අවම වීමට රෝගීනට උපකාර කරන්න.
සුබ අංක – 6, 1,8 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ – නිවාස ගැටලුවලට විසඳුම්
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදරදොර, දේපළ, නිවාස ගැටලු සමථයකට පත්කර ගැනීමට හැකියාව පවතී. මව් සමඟ කටයුතු කිරීමේදී සිත් නොරිදෙන අයුරින් වචන පිට කිරීමට වග බලා ගැනීම වැදගත් වේ. මාපිය දූදරු එකමුතුව පුණ්‍ය කටයුතුවලට දායකත්වය දීම දක්නට ලැබෙයි. අධ්‍යාපනික දක්ෂතා දරුවන් තුළ මතු කරයි. අපල අවම වීමට පුණ්‍ය කටයුතුවල නියැළෙන්න.
සුබ අංක – 3, 6 / සුබ වර්ණ – ක්‍රීම්, ලා රෝස /සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන – සහජ දක්ෂතා ඉස්මතු වේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා ඔප් නැංවෙන ස්වයං රැකියා ආදිය ආරම්භ කිරීමට හැකි සතියකි. සහෝදර උපකාර හිමි වෙයි. පවුලේ බැඳීම් වර්ධනය වන ආර්ථිකය ශක්තිමත් ගෘහ ජීවිතය සමඟියෙන් ගත කරන සතියක් ද වේ. කරන කියන රැකියා අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. අපල අවම වීමට පින් දහම් කරන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාදා, අඟහරුවාදා
කටක – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. යම්කිසි ධනයකට හිමිකම් කිව හැකි මේ සතිය කරන කියන රැකියා ව්‍යාපාරවලින්ද ලාභ ප්‍රයෝජන අත්වේ. ගෘහ ජීවිතය වාසනාවන්තය. වචනය නිසා අන්‍යයන්ගේ ප්‍රසාදය හිමි වේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබ පල හිමි වේ. අපල අවම වීමට කිරි දෙන මවුවරුනට දරුවනට උපකාර කරන්න.
සුබ අංක – 2, 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, බ්‍රහස්පතින්දා
සිංහ – ව්‍යාපාර දියුණුව
සඳු ගමන් ගන්නේ ලග්නය දෙවැන්න තුන්වැන්න හරහාය. ඔබගේ ව්‍යාපාර අංශ දියුණුවෙන් දියුණුවට පත්වේ. පාරිභෝගික ජනතාව රඳවා ගැනීමට ඔබ සමත් වේ. සිය දක්ෂතාවන් මත වැඩ කරනු විනා කාගේවත් උපකාරද බලාපොරොත්තු නොවෙයි. දරුවන්ගේ කටයුතු පිළිබඳවද සතුටු විය හැකි ආර්ථිකය ශක්තිමත් සතියකි. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සිකුරාදා
කන්‍යා – කීර්ති ප්‍රශංසා හිමි වේ
සඳු ගමන් ගන්නේ 12, 01, 02 යන භාවයන් මතිනි. ඔබට විදෙස් ගමන් පිළිබඳ සුබ පණිවිඩ ලැබෙන්නට ඉඩ තිබේ. පොදු සාමාජයීය කටයුතුවලට සහභාගී වීමේ අවස්ථාව සහ දේශපාලනික වැඩවලට සම්බන්ධතා ගොඩ නැඟේ. ප්‍රසිද්ධිය, කීර්තිය ලැබේ. ඔබගේ ක්‍රියා කලාපයන් ඇගැයීමට ලක්වේ. ගෘහ ජීවිතය තුළ අතපසු වූ වැඩ කොටස් නිමාවට පත්කර ගත හැකිය. අපල අවම වීමට යාචක මනුෂ්‍යයන්ට පිනට යමක් ලබා දෙන්න.
සුබ අංක – 3, 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – සිකුරාද, සෙනසුරාදා
තුලා – හදිසි ධන ලාභ
සඳු ගමන් ගන්නේ 11, 12, ලග්නය යන භාවයන් මතිනි. හදිසි ධනයක් හෝ වෙනත් ලාභයක් ලැබීමේ හැකියාව ඇත. එසේ නොමැතිනම් ඔබේ උත්සාහය මත යම් දෙයක් උපයා සපයා ගැනීමට ඉඩකඩ පවතී. දුර ගමන් බිමන් යෙදේ. සිත් රිදීමක් හෝ කලකිරීමක් වැනි දෙයකට ද ඉඩ ඇති හෙයින් මධ්‍යස්ථව සිතන්න පුරුදුවන්න. අපල අවම වීම සඳහා වැඩිහිටියන්ට සලකන්න.
සුබ අංක – 6, 9 / සුබ වර්ණ – ලා නිල්, ක්‍රීම්, සුබ දවස් – සිකුරාදා, බදාදා, සෙනසුරාදා
වෘශ්චික – දරුවන්ට සුබපල
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියාවෙන් ලාභ ප්‍රයෝජන උපයා ගැනීමට ද හිතවතුන්ගෙන් උදවු උපකාර ලබා ගැනීමට ද හැකිය. උත්සාහය උනන්දුව කැපවීම මත ඔබට මේ සතියේ සාර්ථකත්වය ළඟා කරගැනීමට භාග්‍ය මතු කරයි. දරුවන්ගේ සියලු යහපත් අරමුණුවලට සුබ පල ගෙන දෙයි. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා
ධනු – දේපළ ගැටලුවලට විසඳුම්
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය ඉතා වාසනාවන්ත වේ. කරන කියන රැකියා කටයුතුවල ද උසස් තත්ත්වයක් පෙන්නුම් කරයි. දරුවන්ගේ දක්ෂතා දැක සතුටට පත්වෙයි. අන්‍යයන්ගේ දුකට පිහිටක් වන අනුකම්පා සහගත සිතක් පහළ වන දෙලොව දියුණුවට වැඩ සලසා ගන්නා සතියකි. අපල අවම වීමට බෝ පත්‍ර අතින් අහුලා ඉවත් කරන්න.
සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කහ , තැඹිලි, කොළ / සුබ දවස් – ඉරිදා, බදාදා,
මකර – රැකියා ව්‍යාපාර අංශවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබපල නොදේ. කනගාටුදායක පුවත් සැලවීමට ඉඩ තිබේ. ඉන්පසු දින කිහිපය උත්සාහයෙන් තම රැකියා, ව්‍යාපාර අංශවල නියැළෙමින් ලාභ ප්‍රයෝජන හිමිකර ගනී. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වාගත හැකිවේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. සුළු අනතුරු ආදියට ද ඉඩ ඇත. අපල අවම වීමට අන්තරාය නිවාරණ පිරිත කියන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
කුම්භ – උසස් පුද්ගල ඇසුර
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවල දියුණුව සිදු කරගත හැකි මේ සතියේ ඔබගේ ආර්ථිකය ශක්තිමත් වේ. උසස් උගත් කලණ මිතුරන් මුණගැසේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් සැලසේ. සහජ දක්ෂතා මත ආරම්භ කෙරෙන ස්වයං රැකියාවලින් ඉල්ලුම වැඩි වේ. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.
සුබ අංක – 3, 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන – නව ව්‍යාපාර අරඹයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අංශ කරගෙන යන අයට ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. අනෙකුත් ව්‍යාපාර අංශවල නියැළෙන අයට නව ව්‍යාපාර ආරම්භ කිරීමට හැකියාව ඇති අතර දියුණු තත්ත්වයක් කරා ගෙන යාමට භාග්‍ය ඇත. ගෘහ ජීවිතය දරුවන්ගේ කටයුතු පිළිබඳ සතුටට පත්වේ. සෙම් රෝග, සුළු අනතුරු ආදියට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න. අපල අවම වීමට කහ පාට මල් පූජා කරන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණ – රතු, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා