Home » මෝටර් රථයෙන් විලාසිතාගාරයට යන ලූකා ඩී මෙඔ

මෝටර් රථයෙන් විලාසිතාගාරයට යන ලූකා ඩී මෙඔ

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

තිසුඛෝපභෝගි විලාසිතා මන්දිරයක් වූ දැවැන්ත ගුසී (Gucci) විලාසිතාගාරයේ හිමිකරු වූ කෙරින්ග් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රංස මෝටර් රථ ව්‍යාපාරයේ ප්‍රමුඛයකු වූ රෙනෝල්ට්හි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී වූ ලූකා ඩී මෙඔ ගුසී ප්‍රධාන විධායක නිලධාරී ලෙස එහි ඉහළ කළමනාකාරීත්වයට එක් කරගැනීමට සැලසුම් කර ඇති බවයි යන්න ජූනි 16 වෙනිදා අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ප්‍රංස බිලියනපති පවුලක් වූ පිනවුල්ට් විසින් පවත්වාගෙන යනු ලබන ගුසී දැවැන්ත ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරිත්වයට පිටතින් එක් වන පළමු පුද්ගලයා ලෙස ලූකා ඩී මෙඔ සඳහන් වන අතර, 2025 සැප්තැම්බර් පහළොස්වැනිදා සිට ලූකා මෙඔ තනතුරේ වැඩ භාර ගැනීමට සියලු කටයුතු සම්පාදනය වී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

වසර තිහකට වඩා වැඩි කාලයක් මෝටර් රථ ලෝකයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ඉතාම දක්ෂ, උපායමාර්ගික ප්‍රවේශයක් හෙබි ලූකා ඩී ඔහුගේ ක්ෂේත්‍රයට හාත්පසින්ම වෙනස් වූ විෂයයකට පත්කිරීම ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව මඳක් විස්මයට පත් කළ බව පැවසුවා නම් එය නිවැරදිය. එහෙත් කෙරින්ග් ප්‍රමුඛ ගුසිහි ඉහළ කළමනාකාරීත්වය ලූකා ඩී මෙඔ පිළිබඳ ඉතා සුපැහැදිලි විශ්වාසයක් තබමින්, කඩාවැටුණු ගුසී ව්‍යාපාරය, නැවත යථා තත්ත්වයට ගෙන ඒමට සුදුසුම පුද්ගලයා මොහු බව තහවුරු කර ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.

ලූකා ඩී මෙඔ කවුරුද?

ලූකා ඩී මෙඔ ඉතාලි ජාතික මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉතාම ප්‍රවීණ විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන අතර, මොහු ප්‍රංස දැවැන්ත මෝටර් රථ ව්‍යාපාරයක් වූ රෙනෝල්ට්හි ප්‍රධාන විධායක නිලධාරියාද වේ. මොහු තව නොබෝ දිනකින් ම කෙරින්ග් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එයට නායකත්වය දෙනු ලබන බව ප්‍රකාශයට පත් වී හමාරය. 1967 ජූනි 13 ඉතාලියේ මිලාන්හි උපත ලැබූ ලූකා ඩී. 1992 දී මෝටර් රථ ක්ෂේත්‍රයේ ඔහුගේ වෘත්තීය ජීවිතය අරඹා ඇත. පළමුව ඉතාලියෙන් ද ඉන්පසු ලූකා ඩී මෙඔ ප්‍රංශයට ගොස් ඇති අතර, ඒ ටොයොටා යුරෝපයට එක්වීමටයි.

2009 දී ලූකා ඩී වොක්ස්වැගන් මෝටර් රථ ව්‍යාපාරයට එක්වී ඇති අතර ඒ විකුණුම් අධ්‍යක්ෂවර‍යකු ලෙසයි. අවුඩි මෝටර් රථ ව්‍යපාරයේ ද කළමනාකාරීත්වයේ සාමාජිකත්වය උසුලා ඇති ලූකා ඩී ඩුකාති හා ලැම්බොගිනි මෝටර් රථ ව්‍යාපාරයේ සුපරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරමින් ලෝකයේ මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ ඉතාම ප්‍රවීණ හා අත්දැකීම් බහුල විධායක ශ්‍රේණියේ වෘත්තිකයෙක් බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. ඉතාලියේ හා ස්පාඤ්ඤයේ වොක්ස්වැගන් සමාගම්වල සභාපතීත්වයද උසුලා ඇත.

ගුසී කඩාවැටුණේ ඇයි?

ගුසී විලාසිතා ව්‍යාපාරය පවුලේ ව්‍යාපාරයක් ලෙස අවුරුදු හැත්තෑවකට එපිට කාලයක් පැවති අතර, 1993 දී ගුසී සන්නාම නාමය, ප්‍රංශ සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක පුතෙකු වූ කෙරින්ග්ට හිමි වූ අතර, ඔහු ද ලෝකයේ ඉහළ පෙළේ විලාසිතාගාර හිමි අයෙකි. මේ වන විට ගුසී සන්නාමය අර්බුදයකට ලක් වී තිබීම තුළ නව CEO ලෙස ලූකා ඩී මෙඔ පත්කිරීම අබියස මෙම ව්‍යාපාරයට මේ වන විට උද්ගත වී ඇති හිඟ ශේෂයන් වාර්තා වීමෙන් හිස එසවීමට ලැබෙන බව විශ්වාසය පළ කර ඇත.

ඒ විකුණුම් ක්ෂේත්‍රයේ රෙනෝල්ට් මෝටර් රථ ව්‍යාපාරය තුළ ලූකා ඩී. මෙඔ පෙන්නුම් කරනු ලැබූ උපායමාර්ගික දක්ෂතාව නිසාවෙනි. කෙප්ලර් Cheuvrevx නම් විචාරකයකු පෙන්වා දී ඇත්තේ, දශක ගණනාවක අතිසුඛෝපභෝගී ව්‍යාපාරික අංශයක් උදෙසා පිටතින් පුද්ගලයෙකු කැඳවීම අනතුරු දායක බවක් නැත්තේ ද නැත යනුවෙන් දෘෂ්‍යමාන වුවද ලූකා ඩී. ගේ ඉහළ දක්ෂතාවලින් හෙබි පැතිකඩ කෙරීන් උදෙසා නායකත්වය දීමට හොඳම සහායක් පළ කරනු ඇත යන්නයි. ගුසී හි මව් සමාගම වූ කෙරීන්ගේ වාර්තා කරන ආකාරයට ඔවුන්ගේ ආදායම 14% කින් අඩු වී ඇති අතර, ගුසී හි විකුණුම් ද 25%කින් පහත වැටී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම තත්ත්වය ගුසී ව්‍යාපාරය තුළ ඉතා නරක තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර, ලාභාංශ බිලියන ගණනින් අතුරුදන් විය. අනෙක් අතින් වෙළඳ සන්නාමයන්හි කොටස් ද අඩු වන්නට විය. ආසියාව, බටහිර යුරෝපය හා උතුරු ඇමෙරිකාව උදෙසා වූ ගුසීහි තොග වෙළෙඳපොළ දුර්වල වීම මෙහි කඩාවැටීමට ප්‍රබලව බලපෑ හේතුවක් ලෙස අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ගෝලීය වශයෙන් බලපෑ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තීන්ද පුළුල් වූ සාර්ව ආර්ථික කැලඹිලි සහගත තත්ත්වයන්ද මේ කඩාවැටීමට තවත් මානයන් ඔස්සේ බලපානු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇත්ත වශයෙන්ම වසර 3කට ආසන්න කාලයක සිට කෙරීන්ග් හට කිසිදා සිදුනොවූ සන්නාම පෙරළියක් සිදු වී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලුකා ඩී මෙඔ රෙනෝල්ට් තුළ දැක් වූ දක්ෂතා

ලූක්ගේ අභිප්‍රාය හා ඉලක්කය වූයේ 2030 වන විට යුරෝපය තුළ රෙනෝල්ට් මෝටර් රථ ව්‍යාපාරය 100% කින් විදුලිය යොදාගන්නා සන්නාමයක් බවට පත් කිරීමයි. මේ කර්තව්‍යයේ දී 2040 වන විට යුරෝපය කාබන්වලින් මධ්‍යස්ථ කිරීම ද 2050 වන විට එය ලෝක තත්ත්වයක් දක්වා වර්ධනය කිරීම ද ලූකා ඩී මෙඔ ගේ අභිලාෂය හා ඉලක්කය වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 2021 ජනවාරිවලදී රෙනෝල්ට් ව්‍යාපාරය උදෙසා අදියර 3කින යුත් උපායමාර්ගික සැලැස්මක් හඳුන්වා දුන් ලූකා මේ අතර ප්‍රගතියක් අත්කරගනු ලැබීය.

ගුසී හි මෙම කඩාවැටීම තුළ එල්ල වන තවත් චෝදනාවක් නම් ගුසී (Gucci) යනු හුදෙක් සන්නාමයක් පමණක් නොව එය සංස්කෘතික බලවේගයක් ද වන බවයි. නමුත් එය ව්‍යාපාරයක ආරක්ෂාව උදෙසා නිෂ්පාදන කේන්ද්‍රීය උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස භාවිත කිරීමට පෙලඹීම තුළ එය සදා නොමැකෙන අයුරින් පවත්වාගෙන එනු ලැබූ හැඟීම්බර වූත් ආකර්ෂණීය වූත් පසුබිමක් අහිමි වීමද ගුසී කඩාවැටීම තුළ ඉතාම ප්‍රබලව අන්තර්ගතව පැවති බවයි.

ලූකා ඩී මෙඔ හමුවේ ඇති අභියෝග

ව්‍යාපාර පරිපාලනය පිළිබඳව බොක්කොනි වාණිජ විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ලූකා ඩී මෙඔ පිළිබඳ විචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ උපායමාර්ගික දැක්ම හා හැකියාව ගුසී වර්තමාන අර්බුදයේ සන්නාමය අර්බුදය උදෙසා ඉතා සාර්ථක පිළියම් ගෙන එනු ලැබූ බවයි. මෝටර් රථ ක්ෂේත්‍රයන්, නව අභියෝගාත්මක ක්ෂේත්‍රයක අවදානම හා අභියෝග පිරි මාවතක ඉතාම විශ්වාසයෙන් හා පරිපූර්ණ දැක්මක් ඔස්සේ ලූකා ඩී මෙඔ තරම් මෙයට සුදුස්සෙකු ගුසීහි ඉහළ කළමනාකාරිත්වය නුදුටු බැවිනි.

1990 පටන් රෙනෝල්ට්හි වෘත්තීය දිවිය ඇරඹූ ලූකා ඩී. මෙඔ ලෝකයේ අතිසුඛෝපභෝගී දැවැන්ත ව්‍යාපාරයක් ඔහුගේ සේවය ලැබීමට රිසි වීම ලූකා ඩී මෙඔගේ සාර්ථකත්වය පිළිබඳ තව කුමන සාක්ෂි අවශ්‍ය වේද?

ගුසී(Gucci) සන්නාමයන් අතරට ගුසී සෙන්ට් ලෝරන්ට්, බොට්ටේගා වෙනීටා යන ලෝපතළ වූ වෙ‍ෙළද සන්නාමයන් ඇතුළත් ය. එබැවින්, ලූකා ඩී. මෙඔ වෙත නැවතත් මෙම වෙළෙඳ සන්නාමයන් වෙත ප්‍රංශය ප්‍රමුඛ ගෝලීය වෙ‍ළෙඳපළ අද්දවා ගැනීමේ දැවැන්ත අභියෝගය පැවරී ඇති අතර, ඔහු එය මනාව කළමනාකරණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division