Home » සංගීතය කරන්නේ මුදල් හම්බ කරන්න නෙමෙයි

සංගීතය කරන්නේ මුදල් හම්බ කරන්න නෙමෙයි

ගායන ශිල්පී විජිත් රත්නායක

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment
ඉෂානි මාරසිංහ

කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු රැසක් පොදිබැඳ ගනිමින් ඒ වෙනුවෙන් කටයුතු කරන කෙනෙක් තමයි විජිත් රත්නායක. නෙත් බැල්මෙන්, රතු සාරිය, හිතම දවයි යන ගීත හරහා ප්‍රේක්ෂකයා අතරට පැමිණි විජිත රංගන ශිල්පියෙක් ලෙස ද ප්‍රේක්ෂකයා අතරට පැමිණේ.

මේ දවස්වල ඔබගේ කලා කටයුතු මොනවාද?

මේ දවස්වල මගේ අලුත්ම සින්දුව ‘ආල සිතක්’ ගීතයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී මගේ රසිකයන්ට එය බලාගන්න පුළුවන්.

ඔබ රංගනයෙන් දායක වන නාට්‍ය මොනවද?

මම හිච්චි ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක රඟපෑවා. ප්‍රතික්‍රියා පෝය ටෙලිනාට්‍යයේ බණ්ඩියාගෙ චරිතය රඟපෑවා. ඊට අමතරව මගේ ගීත තුනේ රූප රචනාවල රඟපෑවෙත් මම. මේ වෙද්දි මියුසික් වීඩියෝ 7ක විතර රඟපාලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපාන්නත් අවස්ථා කිහිපයක් ලැබුණා.

කලාවට පිවිසිලා කොපමණ කාලයක් වෙනවාද?

මගේ කලා ජීවිතයට දැනට අවුරුදු 5ක් පමණ වෙනවා. මම මුලින්ම රඟපෑවේ සචිත් පීරිස්ගේ රතු රෝස සින්දුවේ. ඊට කලින් සංගීත කණ්ඩායමක ගායකයෙක් ලෙස කටයුතු කළා.

ඔබ කලාව තෝරාගත්තේ වෘත්තියක් ලෙසද?

මම රැකියාව ලෙස සිදු කරන්නේ ව්‍යාපාරික කටයුතු. මම කලාවට හරි ආසයි. ඒ වගේම ආදරෙයි. ඒ නිසා කලාවෙන් ඉදිරියට යන්න තමයි කැමති. මම සංගීතය කරන්නේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි. මගේ ආසාව නිසා ඒවා කරන්නේ.

කලවෙන් ඉදිරියට ඔබ තනිවම ආ ගමනක්ද?

මගේ ශක්තියෙන් මං කලාවට පිවිසුණා. එහිදී මං ගොඩක් අයගෙන් උදවු ඉල්ලා සිටියා. නමුත් ඒ අතරින් සුළු පිරිසක් තමයි මට අද වෙද්දි මෙතැනට එන්න ශක්තියක් වුණේ. එහිදි මතක් කරන්න ඕන පාලිත තෙන්නකෝන්, මංගල මුණසිංහ, තරිදු ජයවීර, නලින් සේනානායක, සුමිත් මෙන්ඩිස් සහ බිමාෂා කියන අය. ඒ අයගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම කලාවෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ගායකයෙක් ලෙස ප්‍රසංග වේදිකාවේ ලොකු දුරක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඕනෑම චරිතයක් සතුටින් භාර අරගෙන කරනවා. අපි හොඳ දෙයක් කළොත් හැමෝටම රසවින්දනයක් දෙන්්න පුළුවන්. ඒ නිසා මැරෙනකල්ම ජීවත් වෙන්නෙ කලාවත් එක්කම තමයි.

 

You may also like

Leave a Comment