Home » වරායේ හිරවුණු මෝටර් රථ මේ සතියේ එළියට

වරායේ හිරවුණු මෝටර් රථ මේ සතියේ එළියට

by Mahesh Lakehouse
June 21, 2025 12:35 am 0 comment

කොළඹ හා හම්බන්තොට වරායන්හි නිෂ්කාශනය කර ගැන්මට නොහැකිව ඇති මෝටර් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සතියේදී නිෂ්කාශනය කර ගැන්මට හැකි වනු ඇතැයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සිළුමිණට කීය.

ණයවර ලිපි සම්බන්ධයෙන් 2013 වසරේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයක් නිසා වාහන නිදහස් කර ගැනීමේදී ගැටලු මතු වූ බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට එම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර එය නිරාකරණය කර ගැන්මට පියවර ගෙන ඇති බවද ඔහු කීවේය.

වාහන වරායේ දිගු කාලයක් ගාල් කර තැබීමෙන් ඒ වෙනුවෙන් ගුදම් ගාස්තු ගෙවීමට සිදුව ඇති අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටට මෝටර් රථ ඇතුළු වාහන 74000කට අධික සංඛ්‍යාවක් ආනයනය කර තිබේ.

You may also like

Leave a Comment