විභාග බර අඩු කරමින් සිසුහිතකාමි ආකාරයට දැනට පවතින පාසල් විභාග ආකෘතීන් වෙනස් කිරිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුල් තැන දෙමින් ඉදිරියේදී පහ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් මඟින් සිසු මනසට ඇති වී ඇති පීඩාකාරි බව අඩු කරමින් හා වෙනස්වන ලෝකයට ගැළපෙන ලෙස ප්‍රායෝගික කාරණාවලට මුල්තැන දෙමින් විභාග ආකෘතීන්හි පුළුල් වෙනසක් ඇති කිරීම මේ යෝජනාවලියේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරි වසර කිහිපය අරමුණු කරගනිමින් මේ වෙනස්කම් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
ඒ අනුව 2029 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය නව විෂය නිර්දේශය යටතේත්, 2026 වසරේ සිට නව වන ශ්‍රේණියේ සිට වාත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටත් , 2028 වසරේ සිට 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශ හඳුන්වා දීමටත් 2026 වසරේ සිට පළමු වසර හා 6 වැනි වසරටත් නව නිර්දේශ හඳුන්වා දී මේ වෙනස්වීම් සිදු කිරීමට යෝජිතය.