Home » මත් වැරදිවලට 2024දී 228,450ක් අත්අඩංගුවට

මත් වැරදිවලට 2024දී 228,450ක් අත්අඩංගුවට

by Mahesh Lakehouse
June 21, 2025 12:39 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් 2024 වසරේදී පුද්ගලයන් 228,450ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඒ අතර පුද්ගලයන් 75,097ක් හෙරොයින් සම්බන්ධයෙන් ද, 75,602ක් ගංජා සම්බන්ධයෙන් ද මෙතම්ෆෙටමින් හෙවත් අයිස් සම්බන්ධයෙන් පුද්ගලයන් 68,132ක් ද වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක සිළුමිණට පැවසීය.

ඉකුත් වසරවල මෙරට ගංජා, හෙරොයින් ආදී කෘත්‍රිම නොවන මත්ද්‍රව්‍ය භාවිත කළ සංඛ්‍යාවට සාපේක්ෂව 2024දී රසායනික ද්‍රව්‍යවලින් සාදන අයිස් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාව 29.8% කින් ඉහළ ගොස් ඇති බවද දත්ත වාර්තාවලින් හෙළිවන බව ද හෙතෙම සඳහන් කළේය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්‍රියාත්මක ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා යටතේ 2024 වසරේදී පුද්ගලයන් 3,140ක් ප්‍රතිකාර ලබා ඇති අතර, ඉන් 70%ක් බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ය. ඉන් 3,122ක් පිරිමි වන අතර, 18 දෙනකු කාන්තාවන්ය. 51.7%ක් අවිවාහකයන් වන අතර, 35%ක් විවාහකයන්ය. ඔවුන්ගෙන් 40.9%ක් පමණක් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, 30.4%ක් 5 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇති බවද හෙළි වී ඇත. එබැවින් මත්ද්‍රව්‍යවලින් තොර රටක් ගොඩනැඟීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් රට පුරා පාසල් පාදක කර ගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment