සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාස 5කටම එක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
පළමු අදියරේ මෙවන් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් ඉදි කිරීමට පියවර ගන්නා බවත්, මේ වසරේ ඉතිරි මාස 5ක පමණ කාලයේදී මධ්‍යස්ථාන 100ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
ගම්වාසි ජනතාවට කි.මී. 3ක් ඇතුළත විනාඩි 20කින් ළඟා විය හැකි පරිදි මේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවද හෙතෙම පැවසීය. ජනගහනය සෑම 5000කටම සියලු පරිපාලන කටයුතු දියත් කරන පරිදි ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ඒකක යටතේ මේ කාර්යය සිදු කෙරෙන බවද ඔහු පෙන්වා දුන්නේය. සෞඛ්‍යයට අමතරව, අධ්‍යාපනය, පොලීසිය, කෘෂි කර්මාන්ත පරිපාලන ආදි ඒකක ඇතුළත් ජනතා අවශ්‍යතා ඉටු කරන සෑම අංශයකින්ම සමන්විත වන ඒකකයක් ලෙස මේ පද්ධතිය ඉදිරියේදී ස්ථාපිත කිරීම නව රජයේ අරමුණ බවද ඔහු පැවසීය.