Home » සතියේ කලදවස

සතියේ කලදවස

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

මේෂ – ධන ලාභ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ඔබට ධනය ලැබීමේ භාග්‍ය පවතින මේ සතියේ සොයුරු සොයුරියන්ගෙන් උපකාර පවුලේ අයගේ එකමුතුකම දක්නට ලැබෙයි. ගෙදර දොර යහපත දරුවන්ගේ දක්ෂතා පෙනෙන්නට ඇත. මවගේ ආදරය සෙනෙහස වැඩිවේ. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංක 2, 4, 5 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ – කීර්තිය ගෞරවය ලබයි

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් මතිනි. අතමිට සරු ආර්ථිකය ශක්තිමත් බවක් දැක්වේ. වචනය නිසා අන් අයගේ ප්‍රසාදය දිනයි. සහජ දක්ෂතාවලින් ඉපැයීම් කරන්නට හැකි මා පිය සහෝදර උපකාර ලබන සතියකි. ඉඩකඩම් ගේදොර ගැටලු සමථයකට පත්කර ගැනීමේ හැකියාව ඇත. අපල අවමවීමට වකුගඩු රෝගීන්ට සත්කාර කරන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – සුදු, ක්‍රීම්, රෝස / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3, යන භාවයන් මතිනි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට ඒවා පිළිබඳ සතුටුදායක ආරංචි ලැබෙයි. එසේ නොමැති වුවත් දුර ගමන් බිමන් යෙදේ. සමාජීය පොදු වැඩවලට සහභාගිත්වය රැකියාවෙන් ලාභ ප්‍රයෝජන අත්වෙයි. තම දක්ෂතා තුළින් ඉදිරියට යෑමේ අවස්ථා උදාවේ. ගෘහ ජීවිතය සමගියෙන් ගත වේ.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ/ සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කටක – ලැබීම් සහිතයි

සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය හා දෙවැන්න මතිනි. කුමන ආකාරයකින් හෝ ලාභදායි අවස්ථා මතු කර දෙයි. දුර ගමන් බිමන් වෙළඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. පොදු වැඩවලට සහයෝගය දෙන අතර පරාර්ථකාමිත්වයට මුල් තැන දී කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත. දරුවන්ගේ දක්ෂතා නිසා සතුටට පත්වෙයි. අපල අවම වීමට සුදු මල් පූජා කර පත්තිනි මැණියන්ට පිං දෙන්න.

සුබ අංක – 2,7,9 / සුබ වර්ණ – සුදු, ක්‍රීම්/ සුබ දවස් සඳුදා, අඟහරුවාදා

සිංහ – රැකියා ව්‍යාපාර ලාභ

සඳු ගමන් ගන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඔබගේ රැකියා ව්‍යාපාර ඉතා සාර්ථකව කරගෙන යාමට හැකි අතර ඒවායින් ලාභ ප්‍රයෝජන ලබාදෙයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. දරුවන්ගේ දක්ෂතා අධ්‍යාපන මට්ටමින් වැඩි දියුණු වේ. විදෙස් ගමන් සාර්ථක විය හැකිය. සමහර විට පාඩුවක් වීමට ද ඉඩ ඇත.

සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, සුබ / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබගේ බලාපොරොත්තු අරමුණු සපල කර දීමට සමත් වේ. ආර්ථිකය ශක්තිමත් සහ අතමිට සරුවේ. විදෙස් ගමන් සපල වේ. අපල අවම වීමට බෝධිපූජා තබන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – මිශ්‍රඵල ගෙනදෙයි

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබ නොවේ. කනගාටුදාක පුවත් කන වැකෙන්නට ඉඩ ඇත. ඉන්පසු දින කිහිපය ඔබට සාර්ථක ලෙස රැකියා ව්‍යාපාර අංශවලට යොමු විය හැක. ලැබීම් සහිතය. පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය ලබා දෙයි. අපල අවම වීමට පරිසරය පිරිසිදු කරන්න.

සුබ අංක – 6, 9 / සුබ වර්ණ – සුදු, ක්‍රීම් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

වෘශ්චික – ව්‍යාපාර නවතාවකින්

සඳු ගමන් ගන්නේ 7, 8, 9,10 යන භාවයන් මතිනි. ඔබ නව ව්‍යාපාරයක් හෝ තිබෙන තත්ත්වයට වඩා වෙනසක් කරන්නට සිත් වේ නම් එය සපල වේ. බොහෝ විට ඔබ මේ සතියේ දානමාන දීමට ඉදිරිපත් වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතුවලදී දැනුම වර්ධනය වේ. අපල අවම වීමට සත්පුරුෂයනට උදව් කරන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – රතු / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

ධනු – දේපළ ගැටලුවලට විසඳුම්

සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. අනතුරු අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් සහිතව කටයුතු කරන්න. රැකියා ව්‍යාපාර හෝ වෙනත් සාධාරණ මාර්ගවලින් ලාභ ප්‍රයෝජන ලද හැකිය. නිවාස දේපළ ගැටලු බොහෝ දුරට විසඳේ. අපල අවම වීමට ධර්ම දේශනා අසන්න.

සුබ අංක – 5, 6, 8 / සුබ වර්ණ – කහ , තැඹිලි, කොළ / සුබ දවස් – ඉරිදා, බදාදා,

මකර – දරුවන්ගේ යහපත

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ සියලු යහපත් අරමුණු සපල වීමේ ඉඩකඩ වැඩිය. ආර්ථිකය ශක්තිමත් වේ. නව ස්වයං රැකියා ආරම්භ කිරීමට හැකියාව ඇත. සතිය අගදී තරමක් කල්පනාකාරීව වැඩ කරන්න. අපල අවම වීමට මවට පියාට සලකන්න.

සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – මා පිය දූ දරු සබඳතා

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. යහපත් අරමුණු පවත්වා ගනිමින් ගෙදරදොර පිළිවෙළ වෙනසකට ලක් කළ හැකි සතියකි. පිනට ලැදිවේ. මවගෙන් ඉටු විය යුතු යුතුකම් ඉෂ්ඨ සිද්ධ වෙන අතර මා පිය දූ දරු සබඳතා තරවේ. බඩේ අමාරු සැදීමේ ඉඩ කඩ පවතී. විදෙස් ගමන් හෝ දුර ගමන් යෙදේ. අපල අවම වීමට දිනපතා බුදු පහන දල්වන්න.

සුබ අංක – 3, 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 යන භාවයන් මතිනි. ආරම්භය තරමක් ගැටලුකාරි විය හැකි අතර දුර ගමන් යෙදේ. අතමිට මිල මුදල් ගැවසේ. වචනය නිසා අන්‍යයන්ගේ සිත් දිනා කටයුතු කරයි. හදිසි ධනයක් වුවද සුළුවෙන් හෝ ලබන්නට ඉඩ ඇත. ගෘහ ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යයි. අපල අවම වීමට බෝ මළුව අමදින්න.

සුබ අංක – 3, 9 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා.

You may also like

Leave a Comment