Home » යූනියන් ඇෂුවරන්ස් ISO 27001:2022 ලද ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම වේ

යූනියන් ඇෂුවරන්ස් ISO 27001:2022 ලද ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම වේ

by Mahesh Lakehouse
June 21, 2025 12:31 am 0 comment

යූනියන් ඇෂුවරන්ස්, ISO/IEC 27001:2022 ප්‍රමිතිය යටතේ සහතිකලාභි ප්‍රථම ජීවිත රක්ෂණ සමාගම බවට පත් වෙමින් විශිෂ්ට සන්ධිස්ථානයක් සලකුණු කර ඇත්තේ ක්ෂේත්‍රයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ මංසලකුණුවලට නව අරුතක් එක් කරමිනි. පාරිභෝගික දත්ත, ව්‍යාපාර බුද්ධිය, මූල්‍ය තොරතුරු, බුද්ධිමය දේපළ සහ තෙවැනි පාර්ශ්ව වාර්තා ඇතුළුව ආයතනයේ වඩාත්ම වැදගත් වත්කම් ආරක්ෂා කරන යූනියන් ඇෂුවරන්ස් තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධතිය (ISMS) සතු ශක්තිය සහ පරිණත භාවය, අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන මේ සහතිකය මඟින් තහවුරු වෙයි. යූනියන් ඇෂුවරන්ස් විසින් සිය වඩාත් පුළුල් සයිබර් ආරක්ෂණ විප්ලව ගමන්මඟෙහි එක් කොටසක් ලෙස මේ යාවත්කාලීන කරන ලද ප්‍රමිතිය උපාය මාර්ගිකව යොදාගෙන ඇත. Microsoft Cybersecurity Reference Architecture (MCRA), Microsoft Cloud Security Benchmark (MCSB) සහ Centre for Internet Security (CIS) IG2 framework යනාදිය මෙයට ඇතුළත් වෙයි.

You may also like

Leave a Comment