Home » AIA ඉන්ෂුවරන්ස් හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට

AIA ඉන්ෂුවරන්ස් හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ඇගයුමට

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස්, 6 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජිවිත රක්ෂණ සමාගම ලෙස අන්තර්ජාතික Capital Finance International (CFl) සහ Global Banking & Finance Review වෙතින් සම්මානයට පාත්‍ර වීම මහත් අභිමානයෙන් සමරයි. මේ ගෞරවාන්විත වූ ඇගයුම් සඳහා, මූල්‍ය ක්ෂේත්‍රය සහ ආර්ථිකය හා බැඳි ප්‍රධාන කාර්යසාධන දර්ශක පිළිබඳ සවිස්තරාත්මක වූ විශ්ලේෂණයක් සිදු කරන ලදි. අසමසම රක්ෂණ විසඳුම් සහ සේවා සඳහා ප්‍රවේශය දෙමින්, පාරිභෝගික අත්දැකීම්වල ගුණාත්මක බව වැඩි වර්ධනය කිරීම මඟින් දේශීය ප්‍රජාවට කරන ලද සේවයත්, AIA ඉන්ෂුවරන්ස් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත දක්වන ලද දායකත්වය ඒ ඔස්සේ මනාව පිළිබිඹු විය. AIA ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, ස්ථාපනය කළ දින සිට වඩාත් විශ්වාසදායක ජීවිත රක්ෂණ සැපයුම්කරුවකු වී ඇත. විශාලතම ස්වාධීන මහජන ලැයිස්තුගත ආසියානු ජීවිත රක්ෂණ සමූහය වන AlA සමූහය එහි මව් සමාගම වන අතර, එමඟින් නිරතුරුව AlA ඉන්ෂුවරන්ස් ලංකා වෙත මනා පිටුබලයක් ලැබෙයි.

You may also like

Leave a Comment