Home » Disrupt Asia 2025 නැවතත්

Disrupt Asia 2025 නැවතත්

by Mahesh Lakehouse
June 21, 2025 12:30 am 0 comment

වසර 2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ ජාතික තලයේ වැඩසටහන Disrupt Asia 2025 ලබන සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය. නව ව්‍යවසායකයන්ට මෙන්ම ඔවුන් සඳහා පහසුකම් සලසන පාර්ශ්වවලටත් අවස්ථාව දෙමින්, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම Disrupt Asia හි මූලික අරමුණයි. ඩිජිටල් කර්මාන්ත සඳහා ඇ.ඩො. බිලියන 5ක් සහ ඩිජිටල් ආර්ථිකය සඳහා ඇ.ඩො. බිලියන 15 ක් වශයෙන් නිශ්චිත ඉලක්කයන් සපුරා ගනිමින් කලාපයේ නවෝත්පාදන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන බලවතකු වීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි. මෙම දැක්ම තුළ ඇති ප්‍රධාන කරුණු අතරට, ඇ.ඩො. මි. 50ක අරමුදලක් ආරම්භ කිරීම, Virtual Special Economic Zone (SEZ) නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් මැදපෙරදිග රටවල්, අග්නිදිග හා දකුණු ආසියානු රටවල් සම්බන්ධ කරන දොරටුවක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ඇතුළත්ය.

You may also like

Leave a Comment