Control Union Sri Lanka විසින් අනුග්‍රාහය දක්වන ලද Regenagri සමුළුව පසුගියදා කොළඹ Merino Beach හෝටලයේදී ගෝලීය දැනුම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ සම්මේලනයක් ලෙස සංවිධානය කොට තිබිණි.
Solidaridad, Regenagri CiC UK සහ Nucleus Foundation යන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සමුළුව ගෝලීය උණුසුම, භූමිය සීමා වීම, ආහාර සුරක්ෂිතතාව වැනි ගැටලු විසඳන සහ විදෙස් විනිමය සඳහා විසඳුම් යෝජනා කරන්නක් විය.
“අද මා ඔබ අමතන්නේ, ලංකා තේවල උරුමය ගැඹුරින් අගය කරන්නකු ලෙසිනි. ඊට හේතු වන කරුණු අතර වැදගත්ම දෙය 1990 දශකයේදී මා විසින් පර්යේෂණයේ නිරත වූ ආචාර්ය උපාධි නිබන්ධය සඳහා විෂය වූයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයයි. මා හඳුනාගත් ආකාරයට එය ශ්‍රී ලංකාවේ ආඩම්බරයේ, සම්ප්‍රදායේ සහ අනන්‍යතාවේ පමණක් නොව, හැකියාවේ ද සංකේතයයි.
එදා මා දැන සිටි තේ කර්මාන්තය මේ වන විට බෙහෙවින් වෙනස්. බොහෝ තේ වගාවන් දෙස බලන විට පෙනී යන්නේ, පස පීඩාවට පත් වී තිබෙන බවයි. වර්ෂාපතනය අක්‍රමවත්. යෙදවුම් පිරිවැය අහස උසට ඉහළ ගොසින්. මේ තත්ත්වය තාවකාලික බව සිතිය නොහැකි තරමට බරපතළ වෙමින් තිබේ. මේ අර්බුදය අවස්ථාවක් ලෙස සලකා ඊට පිළියම් යෙදිය යුතුයි. ඒ සඳහා හොඳම පිළියම පුනර්ජනනීය කෘෂිකර්මාන්තයයි. ඉතා සරල ආකාරයකින් පුනර්ජනනීය කෘෂිකර්මාන්තය යනු රසායනික ද්‍රව්‍ය අඩු කිරීම පමණක් නොව, භූමිය යථා තත්ත්වයට පත් කිරීම නැතහොත් පස සුව කරන ගොවිතැන වෙත මාරු වීමයි…” යනුවෙන් අදහස් දැක්වූයේ සොලිඩැරිඩේ ආසියා කළමනාකර අධ්‍යක්ෂ ශතර්දු චට්ටෝපාධ්‍යය මහතායි.