හේලීස් සමූහය යටතේ, Talawakelle Tea Estates PLC විසින් කළමනාකරණය කරනු ලබන දෙණියායේ කිරුවානාගඟ වතුයාය, දලු නෙළන්නන් එම වතුයායේ කොටස්කරුවන් බවට පත්වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී. ඊට අනුව ඔවුන්ට වතු යායේ යම් ඉඩම් ප්‍රමාණයක් ලැබෙන අතර, එය තමන්ගේම වගාවක් ලෙස කරගෙන යාමටත්, නෙළා ගන්නා දලු සමාගමට ම වැඩි මිලකට ලබා දීමටත් හැකියාව සලසා දී තිබේ. කිරුවානාගඟ කුඩා වතු හිමියන් 1,500 සිට 2,000 දක්වා ප්‍රමාණයක් එහි වටිනාකම් දාමයට ඒකාබද්ධව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ පහතරට තේ අංශයේ විශාලතම සහයෝගීතා ආකෘතිවලින් එකක් බවට පත්ව තිබේ. මෙම ආකෘතිය යටතේ, වතුයායේ තේවලින් 70% ක් අස්වැන්න නෙළා ගනු ලබන්නේ ආදායම් කොටස් හිමිකරුවන් විසිනි, ඔවුන්ට කිලෝවකට අවම වශයෙන් රුපියල් 100 ක් හෝ මිලදී ගත් දලු අනුපාතයෙන් 50% ක් ලැබේ. පොහොර යෙදීම, වල් නෙළීම සහ සෙවණ කළමනාකරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර පිළිවෙත් සඳහා ඔවුන් වගකිව යුතුය. පවුලක එක් සමාජිකයකු වතු ඉඩම් කොටස ලබා ගත් විට එහි වැඩ කිරීමට පවුලේ සෙසු සාමාජිකයන්ටද අවස්ථාව ලැබේ. එය පවුලේ වගාවක් ලෙස බලා කියා ගන්නා ඔවුන්ට පවුලක් හැටියට ම ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වේ. කිරුවානගඟ වතු යාය, එහි සේවකයින්ට ඉහළ යන ආදායම් සහ කාර්යසාධන දිරි ගැන්වීම් පිළිබඳ විශාල පූර්වාදර්ශයක් සපයමින් සිටී. 2025 අප්‍රේල් මාසයේදී, වතුයායේ ප්‍රමුඛතම දලු නෙළන්නා වන ජී. පුෂ්පකුමාර රුපියල් 138,795ක් උපයා ඇති අතර, ඉහළම වැටුප් ලබන කර්මාන්තශාලා සේවකයා වන එච්. රුවනි රුපියල් 43,875ක් ලබා ගත් බව පැවසේ. සේවකයින් ගේ සාමාන්‍ය මාසික ඉපැයීම් රුපියල් 35,000ක් පමණ වන අතර, එයට කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රසාද දීමනා ද එකතු වේ. මාසික “Best Plucker සම්මානය” මඟින් ආහාර පැකේජ සහ සහතික සමඟ රුපියල් 15,000 ක ත්‍යාගයක් පිරිනමන යි. තලවකැලේ තේ වතුයායේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී ගිම්හාන් ජයතිලක පැවසූයේ වතුයාය එහි තිරසාරභාවය සහ ඵලදායිතා උපාය මාර්ගයේ කොටසක් ලෙස පුළුල් දිගුකාලීන නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. “අපි 2019 සිට හෙක්ටයාර 40 කට ආසන්න ප්‍රමාණයක් නැවත තේ සිටුවා ඇති අතර මෙම වතුයායේ අනාගතය සහතික කිරීම සඳහා තරුණ තේ පැළ සඳහා ආයෝජනය කිරීම දිගටම කරගෙන යනවා. සමස්තයක් වශයෙන්, 2025/26 කන්නය දක්වා හෙක්ටයාර 39.86 ක් නැවත සිටුවා ඇති අතර, මෙම උත්සාහයට සහාය වීම සඳහා වාර්ෂිකව තේ පැළ 150,000 ත් 200,000 ත් අතර නිපදවන නවීන තවානක් අපි ස්ථාපිත කර තිබෙනවා. ඊට අමතරව, කිරුවානාගඟ ඉඩම් හෙක්ටයාර 9.77ක පොල් වගාව සමඟ විවිධාංගීකරණය කර ඇති අතර, හෙක්ටයාර 40ක් සංරක්ෂණය කර තිබේ. මුළු වතු ප්‍රදේශයෙන් 8.4%ක් සංරක්ෂණ කලාපයක් ලෙස, එහි පාරිසරික කළමනාකාරිත්වය ශක්තිමත් කර තිබෙනවා…”
– ඉනෝකා